Breaking News
Home / ක්‍රිඩා / ක්‍රීඩා ඇමතියා ක්‍රීඩා ලෝලීන්ට පාඩම් උගන්නන පොර ටෝක් දෙන අතරේ ලෝක කුසාලන සංචිතයට ක්‍රීඩකයන් ඇතුලත් කරන්න තේරුම් කමිටුව අල්ලස් අරන්

ක්‍රීඩා ඇමතියා ක්‍රීඩා ලෝලීන්ට පාඩම් උගන්නන පොර ටෝක් දෙන අතරේ ලෝක කුසාලන සංචිතයට ක්‍රීඩකයන් ඇතුලත් කරන්න තේරුම් කමිටුව අල්ලස් අරන්

ලෝක කුසලාන තරගාවලිය සදහා තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු ශී‍්‍ර ලංකා සංචිතයට ඇතුළත් කිරීමට කි‍්‍රකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ඔහුට ලැබෙන තරග ගාස්තුවෙන් 10% ක අල්ලස් ලබාගැනීමේ පොරොන්දුව මත බවට එක වරම ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුලත් කල බවයි සැමවිට ලංකාවේ තිරය පසුපස සැගවෙන පුවත් ගවේෂණය කර ඉදිරිපත් කරන ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් වන cricketage වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

එම වෙබ් අඩවිය වෙනුවෙන් වාර්තා කරන රෝහිත් පවර් තව දුරටත් පවසා සිටින්නේ මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා අවසන් මැද පෙළ පිතිකරුවකු හා දග පන්දු යවන්නෙකු බවයි. මොහු අවසන් මිනිත්තුවේදී කණ්ඩායමට එකතු කල බවත් මේ වන විට මෙම සිදිය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කර ඇති බවත් රෝහිත් පවර් වාර්තා කර සිටිනවා.

මෙම නම අසන්ත මැල් නමැති තේරුම් ප්‍රධානියා යන පුද්ගලයා මාධ්‍යට කණ්ඩායම කීමට පෙර අවසන් පැය කිහිපයේ ලැයිස්තුවට එකතු කර ඇති බවත් වාර්තා කරනවා. මෙම ක්‍රීඩකයා යන පුද්ගලයා පසුගිය කාලයේ එතරම් දස්කම් අතර නොසිටි බවත් අවසන් දකුණු අප්‍රිකා සංචාරයටද සහභාගී නොවූ අයෙක් යන්නද වාර්තා කරනවා.

මෙම පුද්ගලයා පිළිබද රටේ දේශපාලන ඉහල පුටුවක දියණියක් සමග සම්බන්දයක් ඇති බවටද රාවයක් මිට පෙර කණ්ඩායමෙන් ඉවත් නොකර තබා ගැනීමේ කාලයේදීද පැතිර ගියා.

පැය කිහිපයකට පෙර කිසිම පදනමක් නැතිව මේ ක්‍රීඩකයා තේරුම් කමිටුවේ දුෂිත පුද්ගලයෙක් අල්ලස් වෙනුවෙන් කණ්ඩායමට එකතු කරත් මාධ්‍යවේදියකු තේරුම් ප්‍රධානි අසන්තා මැල් නමැත්තාගෙන් මෙම ක්‍රීඩකයාගෙන් බලාපොරොත්තුවන සැලැස්ම කුමක්ද යන්න ඇසු විට ඔහුගෙන් ගන්නා ප්‍රයෝජනය මැල් චිත්‍රපටයක් මෙන් මවා පෙන්වීමද හාස්‍ය ජනක සිද්දියක්.

අනෙක් සියලුම සිද්දීන් මෙවන් මවාපෑම් හා එක එක දුෂිතයන්ට අවශ්‍ය ලෙස තිරය පසුපස සිදුවන සිදුවීම බව මෙයින් පැහැදිලි වෙන්නේ. මොවුන්ට අවශ්‍ය තීරණ ගෙන එම තීරණය සාධාරණිකරණය කිරීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන බව මේ වන විට පැහැදිලි.

මේ සියල්ල බලාගෙන පවුඩර් මලෙන් පවුඩර් දාන බබෙකු මෙන් ක්‍රීඩා ඇමති වී සිටින පුද්ගලයා රටේ ක්‍රීඩා ලෝලීන් මෙම සංචිතය පිළිබද සැහීමකට පත් නොවන වග විවේචනය කල විට ක්‍රිකට් උගන්නන යනවායි පවසමින් ක්‍රීඩා ලෝලින්ටම දොස් පවරමින් සිටි.

එහෙත් ක්‍රිකට් ආයතනයේ දුෂිත පුද්ගලයින් මෙම ක්‍රීඩා ඇමති යන පුද්ගලයාගේ ඇදගෙන සිටින වස්ත්‍රයද ඔහුටත් හොරෙන් ගලවාගෙන යන කාලය වැඩි ඇතක නොවන බවයි අපටනම් පෙනී යන්නේ. කට පමණක් ඇති වැඩ නැති මෙවන් බබ්බුන්ටද මේ ක්‍රිකට් ගොඩනැගිය නොහැකි බව දැන් හොදටම පැහැදිලි වී ඇත.

About article14

Check Also

ලංකාවේ පුහුණුකරු වෙන්න ඕන මහේල නැත්තම් ක්‍රිකට් ඉවරයි – දිල්ශාන්

ලෝක කුසලානයට කැදෙව්වොත් යන්න සුදානමින් සිටි බවත් නමුත් බලධාරීන්ට කිසි උනන්දුවක් නොතිබූ බවත් මහේල පිලිබදත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!