Breaking News
Home / Video / “ක්‍රිෂාන්තත් නිරෝගි මාත් නිරෝගි. මට ඇවිල්ලා කියන්න තිබ්බා ඇයි පත්තරේට කිව්වේ.” – නාමල් අක්මාව ගැන කියයි

“ක්‍රිෂාන්තත් නිරෝගි මාත් නිරෝගි. මට ඇවිල්ලා කියන්න තිබ්බා ඇයි පත්තරේට කිව්වේ.” – නාමල් අක්මාව ගැන කියයි

අක්මාව දන් දුන් ක්‍රිශාන්ත තමන්ගෙන් වහන් වී සිට පත්තරේකට ගොස් මේ කාරණා හෙලිකලේ තමන්ට අපහස කිරීමටදැයි විමසනවා. ඔහු මුලින් ලක්ෂ 7 ක් ඉල්ලා පසුව ලක්ෂ 20 ඉල්ලු බව පවසනවා.

නාමල් නිහතමානි මිනිසකු බවත් මෙසේ පත්තරේකට කීමත් පත්තරෙන් හරියාකරව විමසපු නැති බවත් ඔහු පවසනවා. විවිධ පුද්ගලයන් අමතන නිසා ඒවාට හරි හැටි උත්තර දීමට නොහැකි බවත් පත්තරයටත් චෝදනාවක් එල්ල කරනවා. කෙසේ වෙතත් මෙම ලිපිය පල කල ලේඛිකාව මේ වන විට යම් දෙගිඩියාවකින් හා වැරැද්දක් කලාදෝ යන අදහසින් නාමල්ටද ටිකක් බර තබමින් ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

මෙම වීඩියෝව බලන විට අපට කරුණු කීපයක් විග්‍රහා කල හැකි. ඒ නාමල් ක්‍රිශාන්තට පවසන්නේ ඔහු සොයා නොවාවේ ඇයි යන්නයි. එසේනම් නාමල් සනීප වූවයින් පසු ඔහු බැලීමට ගොස් නැති වීම මනුස්සකම නොවේ. නාමල් පවසන ආකාරයට ක්‍රිශාන්ත හොඳ පුද්ගලයකු නොවේනම් එය අපට පිලිගත හැක. එහෙත් මරණයත් සමග සටන් කල ඔහු අද ජීවත් වන්නේ ඔහු නිසා ඔහු පොලු මුගුරු වලින් පහර දී එලවා ගත්තත් ඔහුගේ සුව දුක් බැලීමට අනිවාර්ය වගකීමක් ඇත.

බුදුන් වහන්සේ තමන් පිට දුන් බෝධියට පවා නැවත කෘතගුන සැලකූ අතර අනෙක් ආගමික නායකයින් පවා කොතරම් කෙනෙහෙලිකම් කලත් තමන්ට අමරණීය උපකාරයක් කලේනම් ඔවුන්ට කෘතගුන සැලකිය යුතු යන ආදර්ශය ලබා දී තිබෙනවා. එය එක් උදාහරනයක් පමනි.

අනෙක් කාරණය රසිකයන්ගෙන් උපකාර ලබා කෝටි ගනනක් එකතුකරගෙන ක්‍රිශාන්තට දුන් ලක්ෂ 20 ගැන මතු කිරීමට සෑහෙන්නට උත්සහා කරයි. නාමල්ගේ ජීවිතයේ මිල ලක්ෂ 20 ක් නොවේ. ඔහුට මාස් පතා මුදලක් ලබා දුන්නත් නාමල්ට දැන් පව් නැත. මොකද ඔහු මේ වන විට ප්‍රසංග වලට සහබාගි වන්නේ ඔහු නිසායි. මේ වීඩියෝව බලන විට අපට නැගුන අදහසුයි. අප එසේ කී නිසා පිලිගැනීමට අවශ්‍ය නැත. ඔබ එය නරබා ඔබේ අදහස ඔබ තීරණය කරන්න.

කෙසේ වෙතත් නාමල්ගේ පාර්ශවයෙන් පිළිතුරු ලබා දීමට හා ඒවා පලකිරීමට ඔහුට අයිතියක් ඇත. එහි සාධාරණ අසාධාරනකම් තීරනය කිරීමට ඔබට අයිතියක් ඇත.

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!