Breaking News
Home / ක්‍රිඩා / ක්‍රිඩා ඇමතිගේ වැඩ ගැන කියන්න අර්ජුන අයි.සී.සි.යට යන්න සැරසෙයි

ක්‍රිඩා ඇමතිගේ වැඩ ගැන කියන්න අර්ජුන අයි.සී.සි.යට යන්න සැරසෙයි

පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ක්‍රිකට් වැඩමුළුවට සහභාගි නොවූයේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසා සිටියේය. ඊට ප්‍ර‍තිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

“ක්‍රිකට්වලට ආදරය තියෙන කිසිම කෙනෙක් ඔතැනට යන්නේ නැහැ. එතැන තනිකරම වංචාවක් ප්‍රෝඩාවක් කළේ. මේ වැඩමුළුව කරන්න තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය. නමුත් එහෙම වුණේ නැහැ. මට එවූ ආරාධනා පත්‍ර‍යේ පැමිණීම සනාථ කිරීමට දැනුම්දිය යුතු දුරකථන අංකයට යොදා තිබුණේ ගයත්‍රි කියන අයකුගේ නමක්. ඒ තැනැන්තිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩකරන නිලධාරිනියක්. ඒකෙන්ම පේනවා මේ කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය අද තියෙන ප්‍රශ්න ටික කල් දැමීමේ ක්‍රියාමාර්ගයක්. ඒ වගේම ඇමතිතුමා කියනවා මේක වැදගත් සාකච්ඡාවක්.

නමුත් එතුමා මේ වැඩමුළුවේ ඉන්නේ විනාඩි පහක් දහයක් වගේ සුළු වෙලාවක්. ඇත්තටම එතුමාට ක්‍රිකට් ගැන කැක්කුමක් නෑනේ. එතුමා ක්‍රිකට් ගහලත් නැහැ. ක්‍රිකට් ගැන දැනුමකුත් නැහැ.

ක්‍රීඩා අමැතිතුමා කියනවා මම පාරවල්වල කථා කරනවා කියලා. නමුත් මගේ ජීවිතය කියන්නේ ක්‍රිකට්. මම යම් දෙයක් ලබා ගත්තා නම් ලබා ගත්තේ ක්‍රිකට්වලින්. ඒ හින්දා රටේ ක්‍රිකට් විනාශ වෙන එක මට බලන් ඉන්න බැහැ. මම ක්‍රිකට් වෙනුවෙන් ඕන තැනක ගිහිල්ලා කථා කරනවා. ඒක මෙහෙ කරගන්න බැරි වුණොත් ලෝක ක්‍රිකට් කවුන්සිලයට හරි ගිහිල්ලා ඔවුන්ව දැනුවත් කරනවා අපේ රටේ ක්‍රිකට්වලට වෙන විනාශය ගැන. එතැනට යන්න කලින් මම තව ටික කාලයක් දෙනවා.”

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!