Breaking News
Home / ක්‍රිඩා / ක්‍රිකට් වලට හෙනගහලා තිබියදී සුමතිපාලගේ ගජ මිතුරා තේරුම් කමිටු ප්‍රධානියා කාන්තා කණ්ඩායමේ තරග තීරක කරන්න ගිහින්. ඉතින් පරදින එක අහන්න දෙයක්ද?

ක්‍රිකට් වලට හෙනගහලා තිබියදී සුමතිපාලගේ ගජ මිතුරා තේරුම් කමිටු ප්‍රධානියා කාන්තා කණ්ඩායමේ තරග තීරක කරන්න ගිහින්. ඉතින් පරදින එක අහන්න දෙයක්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අවසන් සුසුම් හෙළමින් සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව තිබේ.

මෙවන් මොහොතක මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි.

Image result for graeme labrooy sri lanka cricketer

ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා යනු කණ්ඩායම සහ පළමුපෙළ ක්‍රීඩාව පිළිබදව දැඩි අවධානයකින් සිටිය යුතු වුවද තේරීම් කමිටු සභාපතිවරයා එක්වර රැකියා දෙකක් කිරීම මගින් ඔහුට තේරීම් සදහා කොපමණ කාලය පවතින්නේදැයි ගැටලුවකි.

ග්‍රැහැම් ලැබ්‍රෝයීගේ තේරීම්ද දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර ඔහු අතිශය දුර්වල තේරීම් කමිටු සභාපතිවරයෙක්බවට මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලව තිබුනි.

Image result for graeme labrooy sri lanka cricketer

ආසියානු කුසලානය වැනි ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් තරගාවලියක් පවතින මොහොතකදී තේරීම් කමිටු ප්‍රධානියා කාන්තා ක්‍රිකට් තරග තීරකයෙකු ලෙස කටයුතු කිරීම දැඩි ගැටලුවක් බවට ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබේ.

ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ක්‍රීඩා කළ සතියේ සැපැතැම්බර් 13 පැවැත්වූ පළමු එක්දින තරගයේ, සැප්තැම්බර් 16 පැවැත්වූ තෙවන එක්දින තරගයේ, ඊයේ දින (21) පැවැත්වූ දෙවෙන විස්සයි විස්ස තරගයේ මෙන්ම අද (22) පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගයේද තරග තීරකයා ග්‍රැහැම් ලැබ්‍රෝයී ය.

ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු කුසලානයට සහභාගී වීමට පෙර, ආසියානු කුසලානය ක්‍රීඩා කරද්දි මෙන්ම ආසියානු කුසලානයෙන් ඉවත් වෙද්දී ජාතික තේරීම් කමිටු සභාපතිවරයා සිට ඇත්තේ කාන්තා තරගයන්හී තීරකවරයක් ලෙස රාජකාරී කරමින් ය.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!