Breaking News
Home / ක්‍රිඩා / ක්‍රිකට් වලට කික් කරපු බල්ටි දයා කුන්ෆු කළු පටියක් ගහයි..

ක්‍රිකට් වලට කික් කරපු බල්ටි දයා කුන්ෆු කළු පටියක් ගහයි..

ලංකාවේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා එකම අඩුව ලෙස තිබූ ක්‍රීඩා ඇමැතිවරයා 7 වන ශ්‍රේණියේ කළු පටි ධාරියෙකු නොවීමේ අඩුව සපුරාලමින් සහ රටට ‘බ්ලැක් බෙල්ට් දයා‘ කෙනෙකු බිහිකරමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය ගායක නීතිඥ දයාසිරි ජයසේකර මහතාට කොරියාවේ කුකිවොන් (kukkiwon) ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වන ශ්‍රේණියේ ටයිකොන්ඩෝ කළු පටියක් ප්‍රදානය කර තිබේ.

කුකිවොන් මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා අමාත්‍යවරයකුට ප්‍රදානය කරනු ලබන ගෞරව කළු පටියෙහි උපරිම ශ්‍රේණිය 6 වන ශ්‍රේණය වන නමුත් දයාසිරි ජයසේකර වූෂු , පොළු හරඹ, බල්ටි, ඇතුළු තවත් සටන්ක්‍රම රාශියක් හදාරමින් සිටින නිසා පැවති සම්ප්‍රදාය ඉක්මවා 7 වන ශ්‍රේණියේ කළු පටියක් ප්‍රදානය කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක් යැයි ඇමැතිවරයාගේ මාධ්‍ය ඒකකය කියයි.

Lankaenews

About article14

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!