Breaking News
Home / ක්‍රිඩා / ක්‍රිකට් ලෝක උන්මාදයක් කරන්න ICC ය දැවැන්ත තීරණයක් ගනියි රටවල් 104 කට T 20 වරම්. ඇමරිකාව රුසියාවත් සමග ලංකාවට තරග

ක්‍රිකට් ලෝක උන්මාදයක් කරන්න ICC ය දැවැන්ත තීරණයක් ගනියි රටවල් 104 කට T 20 වරම්. ඇමරිකාව රුසියාවත් සමග ලංකාවට තරග

ඉන්දියාවේ කොල්කටා හී පැවති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් මාලාවෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය විසින් ICC යේ සියලු සාමාජික රටවල් සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මධ්‍ය නිවේදනයක් පසුගියදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ අතර සාමාජික රටවල් ද ඇතුලත් කරගෙන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් ආරම්භ කිරීමේ සූදානම පිළිබඳව ද එම මාධ්‍ය නිවේදනයෙන් වැඩි දුරටත් කරුණු දක්වා තිබුණි.

පිරිමි හා කාන්තා සියලු ක්‍රිකට් තරග සඳහා මෙම ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වරම් හිමිවන අතර T20 ආකෘතිය යොදාගෙන ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත කිරීමට ගෙන යන වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙනස්කම් හුවා දක්වන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ සියලු සාමාජික රටවලට දරාගත හැකි පරිදි, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා තිබිය යුතු අවම ගුණාත්මක තත්වයන් සාධාරණ පරිදි වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම තීරණය මෑත කාලයේ ක්‍රිකට් සම්බන්දයෙන් ගත් ආන්දෝලනාත්මකම මෙන්ම වඩාත් කතාබහට ලක්වන සිදුවීම බවට ද පත් වී ඇත.

මේ අනුව සාමාජික රටවල් 104කට ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිවන අතර කාන්තා කණ්ඩයම් සඳහා 2018 ජූලි මස පළමු වැනිදා සිටත්, පිරිමි කණ්ඩයම් හට 2019 ජනවාරි පළමු වැනිදා සිටත් ජාත්‍යන්තර වරම් හිමි වේ.

Image result for american cricket team

ICC විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී විය හැකි අවම ශ්‍රේණිගත කිරීම් හා ලකුණු පටිපාටිය කාන්තා කණ්ඩායම් සඳහා 2018 ඔක්තෝබර් මස හා පිරිමි කණ්ඩයම් සඳහා 2019 මැයි මාසයේදීත් එළිදැක්වීමට නියමිතයි.

Image result for russia cricket team

මෙම වෙනස සමඟ රටවල් ,මහද්වීප කිහිපයක් හිමිකර ගෙන තිබු ක්‍රිකට් ක්‍රීඩාවේ අධිපත්‍යය වෙනස් වීමටද ඉඩ කඩ ඇත.මෙම වෙනස සමඟ ශ්‍රී ලංකාව ,ඇමරිකාව සහ රුසියාව අතර T20 තරඟාවලියක් පැවැත්වෙනවා කියා පුවතක් පල වුවද ඔබ පුදුම නොවනු ඇත.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!