Breaking News
Home / Video / ක්‍රිකට් ලොව කළඹමින් ඔස්ට්‍රේලියාව ලෝකයටම ආදර්ශයක් දෙමින් ලොව අංක එකේ පිතිකරු ඇතුළු තිදෙනාගේ ක්‍රිකට් තහනම් කරයි

ක්‍රිකට් ලොව කළඹමින් ඔස්ට්‍රේලියාව ලෝකයටම ආදර්ශයක් දෙමින් ලොව අංක එකේ පිතිකරු ඇතුළු තිදෙනාගේ ක්‍රිකට් තහනම් කරයි

ක්‍රිකට් පිටිය කළඹමින් පන්දුව පළුදු කළ සුපිරි ක්‍රීඩකයන් තිදෙනා ගැන හදිස්සියේම දැඩි තීරණයක් ගනියි. පන්දුව පළුදු කිරීමේ චෝදනාව පිළිගත් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් හට මාස 12 ක කාලයක තරඟ තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Image result for steve smith

මේ අතර අදාළ චෝදනාව එල්ලවූ කැමරන් බැන්ක්‍රොෆ්ට් හට මාස 9 ක කාලයක් තරඟ තහනමක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අදාල චෝදනාව ඔප්පු වීමත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායකත්වයෙන් ඩේවිඩ් වෝනර් ඉල්ලා අස්වුන අතර ස්ටීවන් ස්මිත් එම කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා.

මේ අතර ස්ටීව් ස්මිත් මෙවර අයි.පී.එල් තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකත්වයෙන්ද පසුගියදා ඉල්ලා අස්වුණේ අදාල සිදුවීම මුල් කරගෙනයි. ස්මිත්ගෙන් හිස්වන රාජස්ථාන් රෝයල් නායකත්වය සඳහා අජින්ක්‍යා රෙහානි පත්කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Image result for steve smith

මේ අතර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයින් වහාම දකුණු අප්‍රිකාවේ සිට ඕස්ට්‍රේලියානුවට කැඳවන්නට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තා.

මේ අතර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයෙන් මීට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ඉවත්වූවා.

ඩේවිඩ් වෝනර් ඉවත් වීමත් සමඟ පුරප්පාඩු වන සන්රයිසස් නායකත්වයට පත්කරන ක්‍රීඩකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නැහැ. වෝනර් ගියවර තරඟාවලියේදී ද සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර තරඟාවලියට ද ඔහු නායකයා ලෙසයි නම් කර සිටියේ.

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!