Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ක්ෂේත්‍රයට එද්දි ප්‍රවීණයෝ කල බලුවැඩ හෙලිකරනවා එදා කෙල්ලෝ මොකට මගේ ඇටසැකිල්ලට මැරුනද මංදා – ශිහාන්

ක්ෂේත්‍රයට එද්දි ප්‍රවීණයෝ කල බලුවැඩ හෙලිකරනවා එදා කෙල්ලෝ මොකට මගේ ඇටසැකිල්ලට මැරුනද මංදා – ශිහාන්

ශිහාන් කියන්නේ ලංකාාවේ ඉන්න ජනප්‍රිය දක්ෂ ගායකයෙක් අදටත් රසිකයන් උමතු කරවන හඬක් තමයි ශිහාන්ට තියෙන්නේ, පසු ගිය කාලේ ශිහාන් මිය ගිය බවට ඇතැම් මාධ්‍ය වලින් අසත්‍ය ප්‍රචාරයක්ද පැතිරුනා ශිහාන් කියන්නේ ඒ වගේ දේවල් වලින් වට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා කාලේකට පස්සේ හඬ අවදි කරන ශිහාන් කියන්නේ මේ විදිහටයි……

ශිහාන් මිහිරංග කියන ගායකයා ජීවිතේ වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොනවගේ දේවල්වලින්ද කියලා මුලින්ම කියන්න?
නිදහස තුළින්…. මේ හැමදේකින්ම නිදහස් වෙලා ගෙවන තත්පරය පවා මට ලොකු සතුටක්.

එතකොට ඔබ වැඩියෙන්ම දුක් වෙන්නේ…?
මම ජීවිතය ගොඩනගන විට බිංදුවට වැටුණු අවස්ථා තිබුණා. රැවටීම්වලට ලක්වූ අවස්ථා තිබුණා. වැරදුණු අවස්ථා තිබුණා. ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නෑ.

ඔබට දුක් දුන්නේ ප්‍රසිද්ධ චරිතද?
මම කතා කරන්නේ අවුරුදු 19 වෙනකල් ගෙවිලා ගිය සැහැල්ලු ජීවිතේ නමෛයි. කිසිදෙයක් දන්නේ නැති අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයකු විදියට ක්‍ෂේත්‍රයට ඇවිල්ලා මේ අවුරුදු 12 තුළ විඳි අනන්ත අප්‍රමාණ අත්දැකීම් හා ඊට දායක වූ අය ගැන.

ඒවා ප්‍රසිද්ධියේ කියන්න ගියොත් ඇති වන අතුරු ප්‍රශ්න ශිහාන්ට තවත් දුකක් එකතු කරයි කියලා බයක් තියෙනවාද?
කිසිම බයක් නැහැ. ඉදිරියේදී මම ‍පොතක් විදියට ඒ සිදුවීම්වලට සම්බන්ධ අයගේ නම් ගම් සහිතව ඒ හැමදේම ලියනවා. කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන සැබෑම කටුක අත්දැකීම් ඇතුළත් ඒ ‍පොත නිකුත් වුණාට පස්සේ මම ‍නෙවෙයි බොහෝ ප්‍රසිද්ධ, ප්‍රවීණ චරිත නම් බයවෙයි.

 

කලාව හැරුණාම සමස්ත ජීවිතය තුළදීම විඳි සතුටුදායක හා දුක්බර අත්දැකීම් සිහිපත් කළොත් ?
අවුරුදු 28 වෙද්දී මම තාත්තා කෙනෙක් වුණා. 30 වෙද්දී දරු දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් වුණා. ඒක තමයි සතුටුම අත්දැකීම. දුක්බර අත්දැකීම මගේ තාත්තාගේ අභාවය. ඇත්තටම තාත්තා නැතිවුණ දා දැනුණු දුකට වඩා දුකක් දැනෙන්නේ අද ජීවිතේ යම් ප්‍රශ්න ආවම “තාත්තා හිටියනම්” කියන හැඟීම හිතට එන වෙලාවටයි.

අද තිස් දෙවැනි වියේ ඉඳන් සුපර් ස්ටාර් තුළින් ආපු 19 වැනි වියේ පසුවූ හුරුබුහුටි ගැටවරයා සිහිපත් කරන කොට දුකක් හිතට එනවාද?
දුකක් එන්නෙත් නැහැ. සතුටක් එන්නෙත් නැහැ. ලොකු ලැජ්ජාවක් නම් එනවා. (මහ හඩින් සිනාසෙයි)

ඇයි ඒ ?
මට මතකයි ඒ දවස්වල ගෑනු ළමයිගෙන් මට ලොකු ආකර්ෂණයක් තිබ්බා. ඒවා දකින කොට සමහර කොල්ලෝ කියනවා. “ඇයි මූට මැරෙන්න හදන්නේ… මූට මොනවාද තියෙන්නේ” කියලා. වයස 19-20 මගේ පින්තූර, වීඩියෝ අද දකිද්දී මට පෙනෙන්නේ ඇට සැකිල්ලකට ඇඳුමක් අන්දලා වගේ පෙනුමක්. ඒ පින්තූර දකිද්දී මටත් අද හිතෙනවා “කෙල්ලෝ මූට මැරෙන්න හැදුවේ ඇයි… මූට මොනවද තියෙන්නේ” කියලා.

ඒ කියන්නේ ශිහාන් වඩා සතුටු වන්නේ අද තියෙන පෙනුමට…?
නෑ. හෙට දවසේ පෙනුමට. රැවුල ටිකක් සුදුවෙලා, කොණ්ඩෙ ලාවට සුදුවෙලා, මූණ ටිකක් වෙනස් වෙලා, ඇඟපතත් වෙනස් වෙලා වැඩිහිටි බවක්, පරිණත පෙනුමක් ලැබෙන තුරු මං ආශාවෙන් බලාගෙන ඉන්නවා.

ශිහාන් තැනකට ගියාම ගෑනු ළමයි පිස්සු වැටිලා වටකර ගත්තු යුගය අද සිහිවන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
සතුටකුත් නමෛයි, දුකකුත් නමෛයි. සාමාන්‍ය හැඟීමක්.

ඔහොම කිව්වට විවාහයත් එක්ක කාන්තා ආකර්ෂණය අඩුවෙලා ගිය එක ගැන නම් පුංචි දුකකුත් හිතේ ඇති?
(හිනැහී) අවිවාහක තරුණයන්ට ලැබෙන කාන්තා ආකර්ෂණය නම් විවාහයත් එක්ක නැතුව ගියා. හැබැයි ඉතින් විවාහක පිරිමින්ට ආකර්ෂණය වන කාන්තාවෝ පිරිසකුත් මේ රටේ ඉන්න බව ඔයා තවම දන්නේ නැතුව ඇති.

මම ඕක ඔය විදියටම ලියන්නම්. හැබැයි ඔබේ බිරිඳ මේ පුවත්පත් ලිපිය කියවීමෙන් ඇතිවන ප්‍රතිඵල ඔබට ලොකු දුකක් ඇති කරන්න බැරි නැහැ.?
මගේ බිරිඳට කලා ලෝකයේ ස්වභාවය ගැන හොඳ වැටහීමක් තියෙනවා. අදටත් මගේ කාමරේ බිත්ති පුරා ඉන්නේ කාජල්. ඒත් කාජල් බැඳලා ළමයිනුත් ඉන්නවා. මට අද කාජල්ව බඳින්න ලැබුණොත් මම මෙයාව බඳිනවා කියලා මම බිරිඳට දැනටත් කියන අවස්ථා තියෙනවා. අදත් ශිහාන් මිහිරංගට ආදරේ කරන කාන්තාවෝ ඉන්න බව බිරිඳ දන්නවා. ඒත් ඇය ඒ ගැන කලබල වෙන්නේ නැහැ.

Around the internet

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!