Breaking News
Home / දේශීය පුවත් / කවුරුත් බලාසිටින දේශපාලනයේ ලංකාවට අද තීරණාත්මක දිනයක් එජාපය තනි ආණ්ඩුවක් පිහිටවයි. අගමැති කවුරුන්ද යන්න ප්‍රශ්නයක්

කවුරුත් බලාසිටින දේශපාලනයේ ලංකාවට අද තීරණාත්මක දිනයක් එජාපය තනි ආණ්ඩුවක් පිහිටවයි. අගමැති කවුරුන්ද යන්න ප්‍රශ්නයක්

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමග මෙතෙක් එකඟත්වයකට පැමිණ නොමැති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත්පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වූ නියෝජිතයන්ට උපදෙස් ලබාදෙන බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම මැතිවරණය පැවැත්වූ පළාත්පාලන ආයතන අතුරින් 167 කට ආසන්න ප්‍රමාණයක පාලන බලය පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ගේ සහයෝගය අවශ්‍ය වන බවද සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවකට පැමිණි බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කළා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, විජේපාල හෙට්ටිආරච්චි, නලීන් බණ්ඩාර, තුෂාර ඉදුනිල්, කාවින්ද ජයවර්ධන, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු එක්ව සිටියා.

මීට අමතරව අද පස්වරුවේ ද තවත් සාකච්ඡා දෙකක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවයකට පැමිණි බව එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පවසනවා.

අගමැතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය එළඹි බවයි එම මන්ත්‍රීවරු පවසන්නේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස මේ වනවිට පක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.

පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජයත් සමග මේ තත්වය උදා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂයට සහයෝගය දෙන ලෙසයි පක්ෂයේ ප්‍රබලයින් ඉල්ලා සිටින්නේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සැලකිලට ගෙන තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර, ජනාධිපති නිළ නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදියි.

පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව සඳහන්.

ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිඵල අනුව තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර, ඊට ප්‍රථම තීරණයක් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ආණ්ඩුව භාර ගන්නා ලෙස එම සාකච්ඡාවේදී යෝජනාවක් ද ඉදිරිපත් වී ඇති බව සඳහන්.

කෙසේ නමුත්, ඒ සඳහා එකඟත්වයකින් තොරවයි සාකච්ඡාව අවසන් වී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන්නේ ජනතාව තීන්දුවකට එළඹී ඇති බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සුදුසු විකල්පයක් බවයි.

ඊට පෙර තීරණයකට එළඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

source hiru news

About lanka

Check Also

ලක්ෂ 5 සිට 60 දක්වා මුදල් අරගෙන නඩු තීන්දු වෙනස් කරන්න කටයුතු කලා යයි අල්ලස් එකෙන් අල්ලපු අපේ රටේ විනිසුරුවරු

පසුගිය ආණ්ඩුව සහ එහි විධායකය අධිකරණය හා කටයුතු කළ ආකාරය පුන පුනා කිවමනා නොවේ. නව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!