Breaking News
Home / දේශීය පුවත් / කවුද මේ අපි ආයෙත් ආවා කියු “ආවා ගෲප්”

කවුද මේ අපි ආයෙත් ආවා කියු “ආවා ගෲප්”

ඩයස්පෝරාව උපක්‍රම යොදන්නේ නැවත ත්‍රස්ථවාද ඇති කිරීමටයි. ඔවුන්ගේ ඉලක්කය තරුණ ප්‍රජාව සහ හිටපු ළමා සොල්දාදුවොයි.

ඒ අනුව පළමුව ඔවුන් කලේ එල්ටීටීඊ නායකයා තවම ජීවත්වන බව ප්‍රාචාරය කිරීමයි. එයට උතුරේ දේශපාලකයන් ආණ්ඩුවේ යම් යම් ලිහිල් ප්‍රතිපත්ති බාවිත කරමින් ඩයස්පෝරා උවමනාවන් ඉටුකලා. මෙයින් උතුරේ තරුණයින් ඉලක්ක කලේ සිංහල ප්‍රජාව පමනක්ම නොවෙයි. දමිල රදල ප්‍රජාවද ඔවුන්ගේ ඉලක්කය වුනා. එනිසා එල්ටීටීය ආරම්භ කල ආකාරයෙන්ම උපක්‍රම බාවිත කරමින් ” ආවා ගෲප් ආරම්භ වනවා.

පලමුව 2013 දි යාපනය ලයිට්කනු පුරා පෝස්ටර් අලවා තිබෙන්නේ ” අපි ආවා නැවතත්” යනුවෙන්. පසුව කොල්ලකෑම්, මාල කැඩීම්, පහරදිඔම්, මන්නා ප්‍රහාර, ඔවුන්ගේ ක්‍රමය විය. පොලිස් පරීක්ෂන ආරම්භ විය. සොයාගත හැකිවූයේ එය පසුපස ප්‍රංශයේ සිටින කොටි බුද්ධි අංශ සාමාජිකයකු සිටින බවයි. ඔහු ප්‍රදීපන් මාස්ටර්. මොහු මෙම කල්ලිය මුදල් දී පාලනය කරන වග හෙලිවිය. පසු පිරිසක් අත් අඩංගුවට ගැනීම නිසා කල්ලිය අවසන් වූ බව පොලීසිය සිතුවේය.

මාස කිහිපයක් ගියේ නැත ආයෙත් මතුවිය. මුල් නායකත්වය දුන් සන්නා විශ්ව විද්‍යාල ප්‍රවේශ ලද්දෙක්. දෙමල චිත්‍රපට ආසා කල අයෙක් නිසා ඒ ආකාරයට ඔහු මෙය සැකසුවේය. එහෙත් ඔහු පොලීසියට කොටුවීමත් සමග ඔහු යාපනයෙන් පැන ගියේය.

කලක් යට ගිය “ආවා” ට බෝට්ටුවෙන් පැමිනි නිමලන් නැමැත්තෙක් නායකත්වය දුනි. ඔහු බ්‍රසීලයෙන් කඩුවක් රැගෙන ඇවිත් ඒ හැඩයට කඩු 15 සාදා ගෲප් එක පන ගැන්වුයේය. පසු ඔහුත් පැන යන්නේය. එය විනෝදන් පාලනයට ගන්නේය. එවිට සන්නා ස්විස්ටර්ලන්තයට පැන යන්නේ ඩයස්පෝරාවේ අනුග්‍රහයෙනි. විනෝදන් පොලිස් නිලධාරින්ට පහර දුන්නේය. බස් වලට ගල් ගැසුවේය. පසු විනෝදන්ද පැන යන්නේ පොලීසිය පසුපස පැන්නූ නිසාය.

විනෝදන්ගෙන් පසු නායකයා වන්නේ වික්ටර්ය. ඔහුගේ කාලය ඉතා බරපතල වෙයි. පොලීසියට දිගට හරහට පහර දෙන්නට විය. පොලීසියද කලබල වී පොලිස්පතිවරයා යාපනයට ගොස් ත්‍රස්තවාදය හිස එසවීමට හැකි බවත් ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් පැවසීම විග්නේශ්වරන්ට රිදුනේය. යාපනයේ ත්‍රස්තයන් නැති බවට ඔහු සහතික දෙන්නට පටන් ගත්තේය. කෙසේවෙතත් උතුරේ දේශපාලකයන්ද මෙහි දේශපාලන වාසි ගනිමින් නිර්ලජ්ජිත ක්‍රියාවක යෙදී සිටී.

අවසානයේ පොලිසියට පහරදුන් වික්ටර් ඇතුළු සිව්දෙනෙක් කොළඹදී අත් අඩංගුවට ගත්තේය. එහෙත් ඉතිහාසය දෙස බලන විට නැවත ඩයස්පෝරාව විසින් නායකයකු පත් කර රට අවුල් නොකරයි යන්න විශ්වාස කල නොහැක. ශ්‍රී ලංකා ආණ්ඩුව නේ පිලිබඳ දැඩි තීරණ ගත යුතුව ඇත. එසේ නොවුනහොත් තවත් ප්‍රභාකරන් කෙනෙකු කවුරුන් හෝ විසින් බිහිකරනු ඇත.

උපුටා ගැනීම – ගයාන් ගාල්ලගේ (දේශය)

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!