Breaking News
Home / ක්‍රිඩා / “කවුද ඒ පොඩි කොල්ලා මගේ කකුලක් තරම්වත් නෑ” දක්ෂ වුනත් වල්කම නිසා රටට දිනක අහිමිවන යොවුන් ක්‍රීඩකයා

“කවුද ඒ පොඩි කොල්ලා මගේ කකුලක් තරම්වත් නෑ” දක්ෂ වුනත් වල්කම නිසා රටට දිනක අහිමිවන යොවුන් ක්‍රීඩකයා

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයාගෙන් නිළියන්ට , විවාහක කාන්තාවන්ට අයුතු දුරකථන ඇමතුම් , මාධ්‍යයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් .!

වත්මන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ විනය පිළිබද ගැටලුවක් පවතින බව පැහැදිලිය. තරග දිනවලදී පවා රාත්‍රියට සමාජ ශාලා වලට පදමට වෙරි වන යොවුන් ක්‍රීඩකයන් පිළිබදව අපද මින් පෙර ඡායාරූපද සමග වාර්තා කර තිබේ. මේ අතර මෙරට ප්‍රධාන මාධ්‍යයක් වන සියත නාළිකාවද එවැනි හෙළිදරව්වක් කර තිබේ. වත්මන් යොවුන් ක්‍රීඩකයෙකුගේ හැසිරීම පිළිබදව පෙන්වා තිබෙන එම වාර්තාවේ සියත නාළිකාව ප්‍රකාශ කරන්නේ එම යොවුන් ක්‍රීඩකයා දිගින් දිගටම මෙලෙස විනය විරෝධීව හැසිරුනහොත් තමන් ලග තිබෙනා ඡායාරූප , හඩපට සහ ස්ක්‍රින් ශෝට් සාක්ෂිද ප්‍රසිද්ධ කිරීමට සුදානම් බවයි.

සියත නාළිකාව ප්‍රචාරය කළ එම ලිපිය පහතින්,

උපුටා ගැනීම සියත // ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි.

කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කණ්ඩායම නැගිටින්න හදන වෙලේ මේ ක්‍රීඩකයාගේ අනඟ රැඟුම් නිසා කණ්ඩායමට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසායි ක්‍රිකට් සභාපතිතුමාගේ අවධානයට අපි මේ ගැන කතා කරන්න හිතුවේ. අපි මේ කියන හැම කරුණක්ම ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලත් බොහොම වගකීමකින් අපි කියනවා.

මොරටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අාපු මේ ක්‍රීඩකයාගේ පියා ත්‍රීරෝද රථ රියදුරෙක්. තාත්තා අමාරුවෙන් ක්‍රිකට් වලට යැවුවත් පුතණ්ඩියා නම් අනඟ රැඟුම් වලින් තමයි නම තියන්න හදන්නේ. අපිට ලැබුණු මුල්ම ආරංචියේ හැටියට මේ ක්‍රීඩකයා රූපලාවන්‍යාගාරයක් කරගෙන යන මැදිවියේ විවාහක කාන්තාවකට අමුතු දුරකථන අැමතුමක් දීලා තියෙනවා. “එන්න එන්න, එළියට එන්න. අපි ටිකක් කතා කරමු” කියලයි ක්‍රීඩකයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ. බලාගෙන යද්දී ඇය මේ ක්‍රීඩකයාගේ පවුලේ ලඟම හොඳම හිතවතියක්. ඒ නිසා ඇය සැමියාගේ මාර්ගයෙන් පවුලේ අයට කියලා, “පුතාව පරිස්සම් කර ගන්න” කියලා.

ලංකාවේ කාන්තාවෝ සේරම තමන්ගේ කියලා හිතන මේ අනංග ක්‍රීඩකයා එතනින් නවතින්නේ නෑ. ලංකාවේ ජනප්‍රිය නිළියක් වගේම නිරූපණ ශිල්පිණියකුටත් ඔහු බැල්ම දානවා. ලංකාවේ ක්‍රිකට්වලට ගොඩක් අාදරය කරන අැය ලංකාවේ තියෙන හැම තරඟයක්ම වගේ බලන්න යනවා. කොහොම හරි එ් තරුණියගේ නම්බර් එක අරගෙන මේ අනංග ක්‍රීඩකයා අැයටත් කතා කරනවා. “අපි එළියෙදි මුණගැහෙමු. එන්න අපි සෙට් වෙමු” කියලා තමන්ගේ සල්ලාලකම ප්‍රදර්ශනය කරනවා. හැබැයි එ් නිළිය නම් යාලුවෝ එක්ක කියලා තිබ්බේ “කවුද බන් මේ චූටි කොල්ලා. මගේ කකුලක් තරම්වත් මහත නෑනේ.” කියලා.

තමන් තමයි දැන් ලංකාවේ බ්‍රැඩ්මන් කියලා හිතන් ඉන්න මේ චූටි ක්‍රීඩකයා එතනින් නවතින්නේත් නෑ. තමන්ගේ අසහනය නිසා ලංකාවම හඳුනන තවත් සුරූපී විවාහක තරුණියකට මාන බලනවා. වයිබර් හරහා ඇයටත් මේ අනංග ක්‍රීඩකයා අයතු යොජනා කරනවා. නමුත් එ් සැරෙත් ඔහුගේ කුරුමාණම සාර්ථක වෙන්නේ නෑ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩියෙන්ම Social Media වල ඉන්නෙ ඔහු. අැටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ වගේ සෙල්ලම් දානවා නම් තව ටිකක් ඉස්සරහට යද්දී මොනවා නොකරයිද. අලි අැතුන් පවා මඳ කිපෙන කාලෙට ගැට ගහලා තියෙනවා. ක්‍රිකට් සභාපතිතුමනි මේ ක්‍රීඩයා ගැනත් දැන්ම පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙච්චර කාලෙකට නොතිබුණ කලු පැල්ලමක් ඉක්මනටම වදින බව නම් විශ්වාසයි. මේ ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි,

කුසල් මෙන්ඩිස්.// උපුටා ගැනීම අවසන් , උපුටා ගැනීම සියත .

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් සමාජ ජාලා වෙබ් අඩවි වල සෑම විටම ගැවසෙන කතාව නම් අපද අත් දැක තිබෙන අතර , කණ්ඩායමේ බොහො යොවුන් ක්‍රීඩකයන්ගේ හැසිරීම එලෙසය. තරග පරාජයට ප්‍රධානම හේතුවක් වන , කෑපවිමක් නොමැති කම හා විනයක් නොමැතිකම ක්‍රීඩකයන්ගෙන් වහාම ඉවත් කළ යුතු බව අප මතයයි.

 

 

 

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!