Breaking News
Home / දේශීය පුවත් / කලාවෙන් කරන දේශපාලනයේ ප්‍රබලකම පෙන්වමින් ‘ගින්නෙන් උපන් සිතල’ ඔසකාර් සම්මානයට නිර්දේශවෙයි. නලාකරුවන්ට කනේ පහරක් වූ කළාකරුවන්

කලාවෙන් කරන දේශපාලනයේ ප්‍රබලකම පෙන්වමින් ‘ගින්නෙන් උපන් සිතල’ ඔසකාර් සම්මානයට නිර්දේශවෙයි. නලාකරුවන්ට කනේ පහරක් වූ කළාකරුවන්

පෙබරවාරි මස පැවැත්වෙන ලෝකයේ අංක එකේ සම්මාන උළෙලවන ඔස්කාර් සම්මාන උළෙලට ලංකාවෙන් චිත්‍රපට දෙකක් තේරී තිබෙනවා. ඒ ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසන් වටයට පැමිණි චිත්‍රපට ලෙසයි. පළමුවෙන්ම ඔස්කාර් සම්මාන උළෙලේ 2004 දී ආචාර්ය ලෙස්ටර්ගේ වැකන්ද වලව්ව හොදම විදෙස් භාෂා චිත්රපාල පළමු වටයට තෙරුනයින් පසුයි මෙවන් ජයක් ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ලබන්නේ.

චන්ද්‍රන් රත්නම්ගේ ‘මැතිව්’ චිත්‍රපටයත් අනුරුද්ද ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සිතල’ චිත්‍රපටයත් 91 වන ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ලැබීමේ කාණ්ඩයට තේරී තිබෙනවා. එය ඉතිහාසයේ ලංකාව ලද විශාල ජයක්. මේ චිත්‍රපට දෙකටම පාදක වුන කතා දෙකම සත්‍ය කතා වීම විශේෂත්වයක්. එකක් ලංකාවේ සිටි ප්‍රසිද්ධ පුජකයකු වන මැතිව්ගේ ඝාතන ගැනත් ජවිපෙ නායක විජේවීරගේ විප්ලවය ගැනත් මේවයින් කතා කරයි.

ඔස්කාර් සම්මානයකට පාත්‍රවිම්මට සුදුසුකම් වන්නේ ලොස්ඇන්ජලිස් නුවර සිනමා ශාලාවේ දින 14 කට වඩා තිරගත වීමයි. එසේම සවස 6 හා රාත්‍රී 10 දර්ශනවාර වල සැලකිය යුතු ටිකට් ප්‍රමාණයක් අලවි වීමත් එක කොන්දේසියක්. පසුගිය සැප්තැම්බර් ගින්නෙන් උපන් සීතලත් දෙසැම්බර් මැතිව් චිත්‍රපටයත් මෙසේ ලොස් ඇන්ජලිස් නුවර තිරගත වී තිබෙනවා.

මෙසේ ප්‍රධාන සම්මාන කාණ්ඩයට ලංකාවේ චිත්‍රපට දෙකක් සුදුසුකම් ලැබූ ලංකාවේ පළමු අවස්තාව වීම ලාංකික කාලාව වෙනුවෙන් ආඩම්බරයක්. අද වන විට බොහෝ කලාකරුවන් හොර දේශපාලුවන්ගේ නලාකරුවන් වී සිටින ම්හොතක කලාකරුවාගේ දේශපාලනය කලාව බව නැවත මතක් කර දෙන සිද්දියක් ලෙසයි මෙය දැක්විය හැක්කේ.

කෙසේ වෙතත් එළබෙන ෆෙබරවරියේදී චිත්‍රපට 347 ක් සමග තරග කිරීමට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරය හා හොලිවුඩ් නිෂ්පාදන වලට දායක වූ ඇති චන්ද්‍රන් රත්නම්ගේ මැතිව් සහ අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සිතල සුදානම්. ඒ අතර ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වන බ්ලැක් පැන්තර්, ඇවෙන්ජර්, ජුරාසික් ව්ල්ඩ් වැනි අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටද තිබීම විශේෂත්වයක්.

සුජීව බි හේරත්

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!