Breaking News
Home / දේශීය පුවත් / කල්මරමින් තටමමින් තිබු තවහික් ජමාත් ඇතුළු අන්තවාදී කල්ලි තහනම යන්තම් අද ගැසට් කරයි

කල්මරමින් තටමමින් තිබු තවහික් ජමාත් ඇතුළු අන්තවාදී කල්ලි තහනම යන්තම් අද ගැසට් කරයි

ජාතික තව්හීද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රාහිම් හෙවත් ජේ.එම්.අයි. සහ විලයාත් අස් සෙයිලානි එමගින් තහනම් සංවිධාන ලෙස නම් කර ඇති අනෙක් සංවිධාන දෙක වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ හදිසි නීති රෙගුලාසිවල 75 – 1 වගන්තිය යටතේයි.

පාස්කු ඉරිදා දින ප්‍රහාර සම්බන්ධයෙන් ජාතික තව්හීද් ජමාත් සංවිධානය වෙත චෝදනා එල්ල වනවා. පාර්ලිමේන්තුව මගින් අදාළ සංවිධාන තහනම් කිරීමේ යෝජනා සම්මත කිරීමට පෙර හදිසි පියවරක් ලෙස එම සංවිධාන තහනම් කරන බව ජනාධිපති පසුගිය දා ප්‍රකාශ කළත් දිගින් දිටම තහනමේ ගැසට් පත්‍රය මුද්‍රණය නොවීම පිළිබද සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබුණි.

නමුත් මිට පෙර ජනාධිපති මාධ්‍ය අංශය මගින් තහනම් කල යුතුයි යනුවෙන් ලිපියක් ඉදිරිපත් කල අතර එහි සංවිධාන 5 ක් තිබු අතර එය දැන් 3 ක් වී තිබෙනවා.

About article14

Check Also

නව හමුදාපති චතුරිකාගේ හිතවතා ශවේන්ද්‍ර සිල්වා පිළිබද දැඩි විමසිල්ලෙන් සිටින බව ඇමරිකාව දන්වයි

ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!