Breaking News
Home / දේශීය පුවත් / කලයුතු වැඩ බොහෝයි කියා සිරිසේන ළමයින්ට ටැබ් දීම නතර කලේ බිලියන 2.5 ක ටෙන්ඩර් මගඩියක් නිසාලු. අකිල හෙලිකරයි

කලයුතු වැඩ බොහෝයි කියා සිරිසේන ළමයින්ට ටැබ් දීම නතර කලේ බිලියන 2.5 ක ටෙන්ඩර් මගඩියක් නිසාලු. අකිල හෙලිකරයි

උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් පරිඝණක ලබා දීමේ රජයේ වැඩ පිලිවෙල නවතා දමා තිබෙන පුවත පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක්වූවා.

මෙම වැඩපිලිවෙල යටතේ පාසැල් සිසුන් 1,59,078 කට සහ ගුරුවරුන් 36,070 කට ටැබ් පරිගණකය බැගින් නොමිලේ ලබා දීමේ වැඩ පිලිවෙළය. මෙම වැඩ සටහන සඳහා 2017 අය වැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කර තිබූ අතර අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලි වලින් පසු බිලියන 4 ක වියදමින් මෙම වැඩ සටහන දියත් කිරීමට පසුගිය 14 කැබිනට් මණ්ඩලයේ දී අනුමැතියද දී තිබිණ.

මෙම වැඩසටහනේ ටැබ් පරිඝණක සපයා දීමේ ටෙන්ඩරය ලබා දීමට නියමිතව තිබුනේ අබාන්ස් සමාගමටයි. ඇමෙරිකානු ඩොලර් 349ක වටිනාකමකින් යුත් Lenovo Miix 320 ටැබ් පරිඝණකය රුපියල් 27,000ක මුදලට ලබා දීමට අබාන්ස් සමාගම එකගතාව පළ කර තිබුණි. ලෙනොවො ලොව තිබෙන දැවැන්තම පරිඝණක නිමැවුම්කරුවේ.

මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට , වෙනත් සමාගමක් වැඩි මිලට මෙම ටැබ් පරිඝණක ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා එය අසාර්ථකව තිබෙන අතර මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට එය හේතුවක් වී තිබෙන බවද වාර්තා වෙනවා.

තව දුරටත් මෙම ටෙන්ඩරය ජනාධිපති කාර්යාලයේ පවතින ප්‍රතිසම්පාදන අභියාචනා මණ්ඩලය මගින් මාස ගණනක් පරීක්ෂකයන්ට බඳුන් කර ඇත .ඉහල ලන්සු ගත ආයතනයන්ට යාම නවතා අබාන්ස් ආයතනය වඩාත් සුදුසු බව නිර්දේශ කර ඇත .

අබාන්ස් සමාගම ටෙන්ඩරය ලබා ගත් මිලට වඩා බිලියන 2.5ක වැඩි මිලකට මෙම සමාගම මෙම ටෙන්ඩරය ලබා ගැනීමට උත්සාහ දරා තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යවරයා එම උත්සාහය නවතා දමා තිබෙනවා. ටැබ් ව්‍යාපෘතිය නවතා දැමීමට මෙම ටෙන්ඩර් ගැටුම ප්‍රබල ලෙස බලපා තිබෙන බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරනවා.

එම සමාගම lenovo mix 320 ටැබ් පරිඝණකය ඇමෙරිකානු නියාමන නොමැති බව කියා සිටි. එය හුදෙක් අසත්‍යයක් වනුයේ Lenovo පරිඝණකය පසුගිය කාලය පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපීය රටවල වඩාත්ම ජනප්‍රිය හා වැඩිපුරම අලෙවි වන ටැබ් පරිඝණකයක් වීමෙනි.

විවිධ සමාගම් වල උවමනාකම්වලට වසර ගණනක් මුළුල්ලේ ගම්වල අහිංසක දරු දැරියන්ගේ ටැබ් සිහිනය බොඳවී යාම කනගාටුවට කරුණකි.

අබාන්ස් ආයතනයෙන් ලබා දීමට නියමිතව තිබු Lenovo Miix 320ලැප්ටොප් පරිගණකය යතුරු පුවරුවද සහිත ටැබ්ලට් පරිඝණකයකි, පැය දහයක කාලයක් ක්‍රියා කළ හැකි බැටරිය , අඟල් 10.1″ HDවර්ණ තිරය , ස්ටිරියෝ ස්පීකර්ස් ඇතුලු බොහො විශේෂාංග වලින් යුක්තය.

මෙහි ගිගාබයිට් 64 ක මතක ධාරිතාවයක් ඇති අතර රැම් මතකය 4GB වේ. Intel® Atom™ (1.44GHz 2MB) ප්‍රොසෙසරයක් සහිත මෙහි මෙගා පික්සල් 05 ක පිටිපස ඔටෝ ෆෝකස් කැමරාවක් සහ මෙගා පික්සල් 02 ක ඉදිරිපස කැමරාවක් අඩංගු වේ.

සම්පූර්ණ විශේෂාංග ලැයිස්තුව බලන්න පහතින්,

About lanka

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!