Breaking News
Home / Video / කලක් දෙපිලම එකට එක කලත් ඉන්දියාවත් ලංකාවත් දැන් ගොඩක් ලංවෙලා. “මම රෝහිත් ශර්මා” ඉන්දියන් නායකයා සිංහලත් ඉගනගෙන

කලක් දෙපිලම එකට එක කලත් ඉන්දියාවත් ලංකාවත් දැන් ගොඩක් ලංවෙලා. “මම රෝහිත් ශර්මා” ඉන්දියන් නායකයා සිංහලත් ඉගනගෙන

ලංකාවත් ඉන්දියාවත් අසල්වැසියන් වුවත් ක්‍රීඩාවේදී දැඩි ප්‍රතිවාදීන් ලෙස අප සලකන්නේ ඉන්දියාවයි. අප 2014 20 20 ලෝක ශුරයන්වන විට අපට ජයගෝෂා නැගුවේ බන්ගලියනුයි. එයින් ලොකු බැදීමක් ලංකාවට ඔවුන් සමග ඇතිවුනා.

එහෙත් බන්ගලියන්ගේ කණ්ඩායම ශක්තිමත්විමත් සමග ඔවුන්ට ඔවුන්ගේ මුල අමතකවී ක්‍රිකට් ලොව නැහැදිච්ච පිරිසක් වෙමින් තිබේ. එහි උච්චතම අවස්තාව පැමිණෙන්නේ බංගලි පුහුනුකරුවූ චන්දික ලංකාවට ගැනීමත් සමගයි. ඒ පිළිබද ඔවුන් දැඩි ලෙස උරණවී සිටින බව ප්‍රසිද්ධ රහසක්.

එම සිදුවීමත් සමග ඔවුන්ගේ බුමියට ගොස් සියලුම තරගාවලි ජයග්‍රහණය කරමින් ඔවුන් කලකට පසු සෝදා හැර පැමිණීමත් සමග මෙම විරසකය එළිපිට ක්‍රීඩා පිටියේ බංගලි ක්‍රීඩකයන් පෙන්වීමට පටන් ගත්තා.

එහි නැහැදිච්චම අවස්තාව පැමිණියේ අවසන් බංගලි ලංකා තරගයේ සිදුවූ සිදුවීම් රැසයි.

එහෙත් ඉන්දීය ක්‍රීඩකයන් ලොව අංක එකේ සිටියත් ඔවුන් තරගයෙන් පසු ක්‍රීඩකයකුට එරවිමවත් නොකරන අතර රෝහිත් ශර්මා ධවාන් අශ්වින් යනු වර්තමාන කණ්ඩායමේ සිටින සාවදාන නිහතමානි ක්‍රීඩකයන්. මෙවර තරගාවලියට වැඩ බලන රෝහිත් ශර්මා ලංකාවේ ක්‍රීඩකයන් දිරි ගන්වන්නෙක් වන නිලාම්ගේ පියා බැලීමටත් ඔවුන්ට මුල්‍ය ආධාරයක් දීමටත් කටයුතු කලේ කලින් පොරොන්දුවක් මතයි.

ලාංකික ක්‍රීඩකයන්වත් එවන් සත්කාරයක් කළා යයි මෙතෙක් වාර්තා වී නැතත් ශර්මා නීලම් ගේ පියාට උපකාර කරන්නේ ඔවුන්ගේ නිවසට ගොස්. ඉන්දියාව වැනි ආඩම්බර කණ්ඩායමක ක්‍රීඩකයෙක් එවැන්නක් කිරීම ලංකාවේ ක්‍රීඩකයන්ටද ආදර්ශයක්.

එහිදී ලංකාවේ දිරිගන්න්නෙක් වෙන ගයාන් හා නීලම් සමග නිලාම්ගේ නිවසේ සිංහල ඉගන ගන්නා වීඩියෝවක් ඉන්දීය නිල ක්‍රිකට් ආයතන වෙබ් අඩවියේ පළකර තිබෙනවා. එම වීඩියෝව පහතින්.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!