Breaking News
Home / දේශීය පුවත් / කරුණු උස්සලා පොතක් ලියලා කෝටියක් ගෙවන්න වුන විමලේ වසර 5 ක් ඇතුලත කෝටි හත හමාරක් හම්බ කල විදිය හොයන නඩුවට අද වූ දේ

කරුණු උස්සලා පොතක් ලියලා කෝටියක් ගෙවන්න වුන විමලේ වසර 5 ක් ඇතුලත කෝටි හත හමාරක් හම්බ කල විදිය හොයන නඩුවට අද වූ දේ

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය.

මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.

2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යනුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

About article14

Check Also

විදුලිය හිටි හැටියේ කැපෙන්නේ වැඩි මිලට පිටින් විදුලිය මිලට ගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් මත බව සේවකයන් චෝදනා කරයි

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!