ආන්දෝලනාත්මක ලාහෝර් තරගය සදහා ශ්‍රී ලංකාව අද(29) උදෑසන 2.30 ට පකිස්ථානයට ලගාවී තිබෙනවා. එහිදී ගුවන් හා පාබල විශේෂ කණ්ඩායම් දෙකක් ගුවන්තොටුපල ආරක්ෂාවට යොදවා තිබෙනවා. මෙයට ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් සභාපතිද ඇතුලත්. එසේම පකිස්ථාන බලධාරීන් ශ්‍රී ලංකා කණ්ඩායම උනුසුම් ලෙස පිලිගනු ලැබුවා. පකිස්ථාන කණ්ඩායමද එකම ගුවන් යානයේ පැමිණ තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක කණ්ඩායමක් එහි රැදී සිටින්නේ ආරක්ෂක තත්වය නිරීක්ෂනයටයි. එයට ගුවන් හමුදා අණ දෙන නිලධාරියෙක් වන රොෂාන් බියන්වෙල, නි.පොලිස්පති නාලක සිල්වා හා ත්‍රස්ත මර්ධන ප්‍රවීණයකු එහි රැදී සිටින බව ක්‍රිකට් වෙබ් අඩවියක් වාර්ථා කරනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ වන තුරු පර්ල් කොන්ටිනෙන්ටල් හෝටලයේ රැදී සිටින අතර සන්නද්ධ රථ දැඩි රැකවලලා සිටින බවයි වාර්ථා වන්නේ. තවද හෝටලයේ ලොබියට සිවිල් වැසියන්ට ඇතුල්වීමට අවසර නෑ. හෝටලයේ රැදී සිටින්නන්ට පිවිසිය හැක්කේ විශේෂ පරීක්ෂක උපකරණයක් අතර මැදින්. එසේම ගඩාෆි ක්‍රීඩාංගනය අවට 20000 ක හමුදාවක් ආරක්ෂාව සපයනවා.
ශ්‍රි ලංකා ආරක්ෂක නිරීක්ශක කණ්ඩායමේ ගුවන් හමුදා ප්‍රධානි බියවල මහතා පවසන අන්දමට ගුවන්තොටුපල සිට හෝටලය හා පිටියට සහ නැවත ගුවන්තොටුපලින් පිටවන තෙක් සීසීටීවී මගින් සියල්ල ආරක්ෂක අංශ නිරීක්ෂනය කරන බවයි වාර්ථා වන්නේ. ඒ පුංචි හෝ සැකයක් කණ්ඩායමට නොතිබීමට බවයි බියන්වල මහතා පවසන්නේ.
බියන්වල සහ නි.පොලිස්පති සිල්වා සහ අයි.සී.සී ආරක්ෂක කලමණාකරු සීන් මොරිස් යන මහත්වරු දින තුනකට පෙර එහි නිරීක්ෂනයක යෙදෙනවා. පෙරේදා(27) දිනයේ පෙරහුරුවක් පකිස්ථාන ආරක්ෂක අංශ සිදුකර තිබෙනෙවා. ඒ කණ්ඩායම පිටියට ගෙන ඒම සහ හදිසි අවස්ථාවක ඔවුන් පිට කරන ආකාරයේ පෙරහුරුවක්. එසේම අද දිනයේ කණ්ඩායම පිටියට යන විට පාර දෙපස ඇන්දිරි නීතිය මෙන් ජන ශූන්‍ය කරන බවයි වාර්ථා වන්නේ.
බියන්වල මහතා පවසන ආකාරයට ආරක්ෂාව පිලිබද ඉතා සතුටු වන බවයි ඔහුගේ අදහස. කණ්ඩායම ලාහෝරයෙන් කොළඹට අද රත්‍රි 12.30ට පිටවීමට සිටියත් නොවැලැක්විය හේතුවක් නිසා පැය තුනක් ප්‍රමාධ වී එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටවීමට නියමිත බව ක්‍රිකට් ආයත ප්‍රකාශකයෙක් වෙබ් අඩවියකට ප්‍රකාශ කර සිටිනාවා.