Breaking News
Home / Video / කටුනායක ගුවන්තොටුපලට යන සුද්දියෝ දෙන්නෙක්ගෙන් ටිකට් නොදී රුපියල් 200 ගත්ත නැහැදුන ප්‍රයිවට් බස් කොන්දා

කටුනායක ගුවන්තොටුපලට යන සුද්දියෝ දෙන්නෙක්ගෙන් ටිකට් නොදී රුපියල් 200 ගත්ත නැහැදුන ප්‍රයිවට් බස් කොන්දා

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට රජය නොයෙකුත් පියවර ගනිමින් සිටි. කෙසේ වෙතත් බලධාරීන්ගේ එම ක්‍රියාවන්ට පුරවැසියන් වශයෙන් අපගෙන් කොපමන දායකත්වයක් ලැබෙනවාදැයි සැක සහිතය,

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් නැවත කිසිදිනෙක ශ්‍රී ලංකාවට නොපැමිණීමට මෙන්ම සිය හිතවතුන්ටද ශ්‍රී ලංකාවේ සාංචාරය කිරීමට ඉඩ නොදෙන අවස්තා එමටය. ඒ ඇතැම් ශ්‍රී ලාංකිකයන් ආර්ථික ලාභයන් පිනිස සංචාරයකයන් රැවටීම මෙන්ම සේවා සහ නිෂ්පාදන වැඩි මුදලට සංචාරකයන්ට විකිණීම ඒ සදහා හේතුය.

මෙවැනි සිදුවීමක් නෙත් ගොසිප් අප වෙත වාර්තා වෙනවා.

මේ ගුවන්තොටුපළ -කොළඹ බස් රථයක ඊයේ (04) හවස 5ට පමණ සිදුවූ සිදුවීමක්. මෙම බස් රථයේ කොන්දොස්තරවරයා , ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි මෙම විදෙස් කාන්තාවන් දෙදෙනාගෙන් රුපියල් 200ක් අය කර තිබේ. මෙම බස් රථයේ කොටුවේ සිට ගුවන්තොටුපළ අතර මුළු දුරම ගමන් කරත් සාමාන්‍යයෙන් ගාස්තුව එක් අයෙකුගෙන් රුපියල් 50කි. මෙහිදී මෙම කොන්දොස්තරවරයා මෙම මගීන්ගෙන් මුදල් ඉල්ලුවේ කපුවත්ත සහ ජාඇල අතරදී බව සදහන්.

සිය ගමන සදහා රුපියල් 200ක් නොව රුපියල් 100ක් ප්‍රමාණවත් බව මෙම විදෙස් කාන්තාවන් දෙදෙනා පුන පුනා කීවත් කොන්දොස්තරවරයා එය මායීම් කර නැහැ.  පසුව එම කාන්තාව ටිකට්පතක් ඉල්ලුවත් ඔහු ලබාදුන්නේ නැතිව මගහැර ඉදිරියට ගිය බවද සදහන්.

ND 5998 වන අංකය දරන බස් රථයේ මෙම සිදුවීම සිදුව තිබෙන අතර සිදුවීම අඩංගු වීඩියෝව පහතින්,

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!