Breaking News
Home / දේශීය පුවත් / කටාර් වල ලාංකිකයන් හදාගත් සිංහල පාසලට කෙලින්න යන මෛත්‍රීගේ තානාපති ඒ.එස්.පී ලියනගේ

කටාර් වල ලාංකිකයන් හදාගත් සිංහල පාසලට කෙලින්න යන මෛත්‍රීගේ තානාපති ඒ.එස්.පී ලියනගේ

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව කිසිදු අත්දැකීමක් නැතිවා පමණක් නොව සාමාන්‍ය දැනීමක් වත් නැති ඒ.එස්.පී ලියනගේ වැනි පුද්ගලයෙකු කටාර්හි තානාපති වරයා ලෙස පත් කෙළේ ශ්‍රී ලාංකිකයන් හැටියට රැකගත් තමන්ගේ අභිමානය විනාශ කිරීමටදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවන කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විමසති. ලංකා ඊ නිව්ස් වෙතද එම ලිපියේ පිටපතක් සපයා ඇති අතර එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

අතිගරු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය
ශ්‍රී ලංකාව

කටාර්හි අපගේ ශ්‍රී ලාංකික පාසල සහ තානාපති කාර්යාලය අතර හටගෙන ඇති අර්බුදකාරි තත්වයේ සත්‍ය ඔබවෙත පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ඔබතුමාවෙත යොමුකිරීමට තීරණය කෙළෙමු.

ශ්‍රී ලංකා දරුවන්ගේ හැඳුනුම සහ ඔවුන්ගේ මතු ජාතික මමත්වය සඳහා ශ්‍රී ලංකා පාසැලක් බිහි වුයේ 2001 වසරේ දරුවන් 14 දෙනෙකිනි.

එයට අනුග්‍රාහකත්වය සැපයීමට ෆිර්දෝනි නම් කටාර්හි වැදගත් මහත්මයෙක් ඉදිරිපත් වුයේ එවකට කටාර්හි විසූ ඉතා සුළු පිරිසක්වූ ශ්‍රී ලාංකික ප්‍රජාවට සත්කාර ක්‍රියාවක් සඳහාය.

පාසලට වසර දහසයකට ආසන්න වන අද වන විට, එම‍ පාසල ශ්‍රී ලාංකික පවුල් සිය ගණනින් එක් කරමින් ලාංකික දරුවන් දහසකට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබනා තක්සලාවකි. එපමනක් නොව අද එය ඉතා හොඳ අධ්‍යාපනයක්‍ ලබාදෙන, සෑම වසරකම ඉතා හොඳ ප්‍රතිපල ලබාගන්නා පාසලක් බවට සමාජයේ පිළිගත් සහ එම පිළිගැනුම ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා පාසැලකි.

අද වනවිට අපගේම තානාපති කාර්යාලය කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවටත් මෙම පාසලේ බාරකාර මණ්ඩලයටත්, ඔවුන්ට සහය දෙන්නන්ටත් ජනාධිපති සහ තානාපති බලතල පාවිච්චි කරමින් නින්දා අපහාස කරන්නේ ඔබේ අනුදැනුම ඇතිවදැයි යන්න අපට තවම තේරුම් ගත නොහැක. එය එසේ වන්නේ ගරු තානාපතිතුමා නිතරම “අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි” යන්න නිතරම පවසන නිසාය.

කටාර් තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය තවදුරටත් ශ්‍රී ලංකාව පිළිබඳව‍ ලෝකයාට අවබෝධයක් ලබාදෙන වෙබ් අඩවියක් නොවේ. එය දැන් යොදා ගන්නේ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රසිද්ධියේ තර්ජන එල්ල කිරීමටය. මෙසේ එම වෙබ් අඩවිය මෙවන් කාර්යන්ට යොදා ගැනීමෙන් ශ්‍රී ලංකාවට සහ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වන හානිය බාලයෙකු මෙන් හැසිරෙන ගරු තානාපති තුමාට තේරුම් ගත නොහැකි බව අපට වටහා ගත හැක. පළමුව එය එතුමාට වටහා දීමට කටයුතු කරන්නේ නම් ඔබ තුමාට බොහෝ කෘතඥ වෙමු.

මෙම පාසැල පිළිබඳව තානාපති තුමාගේ සහ ශ්‍රී ලංකා රජයේ ඇති දැක්ම අපට තවම පැහැදිලි නැත. නමුත් තානාපති තුමාගේ හැසිරීමෙන් අපට වැටහෙන්නේ,

1. දේශපාලනීකරණයට මෙම පාසැල ලක් කිරීම.

2. ආගමික සහ පටු අන්තවාදී අවශ්‍යතාවයන් මුල් කර ගැනීමට, සමගිව සිටි අප ප්‍රජාව බේද කිරීම.

3. හොඳින් පාලනය වූ පාසලේ දරුවන්ගේ ප්‍රතිපල තේරුම් නොගත් නවක ශ්‍රී ලාංකිකයන් එහි පරිපාලනයට දැමීම මගින් පාසැල පරිහානියට පත් කිරීම.

4. පාසැලේ වර්තමාන පාලකයන්ගේ කීර්ති නාමය හා අභිමානය මගින් බලධාරීන්ගේ හීනමානයට බලපෑම් වූ නිසා, පෙරලා එම ප්‍රභූන්ගේ කීර්ති නාමයට හානි සිදු කිරීම.

5. පාසැලේ අභිවෘධියට වෙන්කර ඇති මුදල් තානාපති අනසකට යටත් කිරීමෙන්, සමාජ ව්‍යවසාය දායකත්වය වෙනුවට පෞද්ගලික බලාපොරොත්තු ඉටු කර ගැනීම.

6. පාසැලේ දුෂ්කර කාල වකවානුවල එයට සම්බන්ධ නොවුනු ව්‍යාපාරිකයන් සහ තානාපති කාර්යාලයේ සේවකයින් විසින් මෙම තානාපතිතුමන් අතකොළුවක් කරගෙන එකට එකතුවී සිටින්නේ, මෙතෙක් කලක් තමන්ගේ සමාජීය යුතුකම ඉටුනොකර සිට, දැන් කුඩා දරුවෙකු මෙන් හැසිරෙන තානාපතිතුමාව මෙහෙයවීම මගින් මෙම පාසැල තමන්ගේ පැවැත්මට කතිකාවත සහ ජීවිකාව කරගැනීමටය.

Lankaenews

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!