Breaking News
Home / ක්‍රිඩා / ඕස්ට්‍රේලියා සංචාරයේත් තරග පාවාදීමක් සැගවුන ගිණි පුපුරු එළියට

ඕස්ට්‍රේලියා සංචාරයේත් තරග පාවාදීමක් සැගවුන ගිණි පුපුරු එළියට

හිටපු නායකයෙක්ට එල්ලව තිබෙනා චෝදනාව සුලු පටු නොවේ.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් පමණක් දැන සිටි සත්‍යය දැන් රටම කතා කිරීමට ආරම්භ කර ඇත. ඒ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මාධ්‍යයට පැමින යම් යම් කරුණු හෙළිකිරීමත් සමගයි.

අන්තර්ජාතීක ක්‍රිකට් ක්ෂේත්‍රයට Spot Fixing යනු අලුත් දෙයක් නොවේ. පිතිකරුවෙක් නම් Spot Fixing යනු තරගයේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කිරීම , නිශ්චිත ලකුණු ගණනකදි දැවී යාම (පෙර කතා කර ගත් පරිදි ලකුණු 19කට දැවි යාම , එවිට එම පිතිකරුවා ලකුණු 19කට දැවි යනවා යැයි කෝටී ගණනකට ඔට්ටු දැමු බුකිකරුවන්ගේ ආදායම බිලියන ගණනකි, ඉන් කොටසක් ක්‍රීඩකයන්ටය) , වැනි දේය. පන්දු යවන්නෙක් නම් නිශ්චිත පන්දුවකදි වයිඩ් පන්දුවක් , නෝ බෝලයක් යැවීම වැනි දෙය. Sපොට් Fඉංඉන්ග් යනු තරගය සෘජුව පරාජය කිරීම නොවුනත් එම නිසා තරග පරාජය වීම නිතැතින්ම සිදුවේ.

ශ්‍රී ලංකා ක්‍රිඩකයන් පිළිබදව ක්ෂේත්‍රය පමණක් දන්නා , රසිකයන් නොදන්නා තරග පාවා දීම සිදු වූයේ පසුගිය වසරේ සිදු වූ ඕස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරගාවලියේදීය. එම තරගාවලියේදී ටෙස්ට් තරගාවලි‍ය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාව එක්දින හා විස්සයි විස්ස තරගාවලියට ප්‍රවිශ්ඨ වන්නේ යහපත් මානසිකත්වයෙනි. කෙසේ වෙතත් කිසිවෙකු නොසිතු ලෙස ශ්‍රී ලංකාවට හිමි වන්නේ පරාජයකි. පසුව කණ්ඩායමේ කළමණාකරු ච‍රිත් සේනානායකටද සිය තනතුරෙන් ඉවත් වීමට සිදු වුනි.

සිදු වූයේ කුමක්ද ?

ඕස්ට්‍රේලීයාව සමග සීමීත ඕවර තරගාවලීයේදී තරග පාවා දුන් ක්‍රීඩකයෙක් චරිත් සේනානායක ඉදිරියේ ඔප්පු විය. චරිත් සේනානායක පාවා දීම් වලට එරෙහිව ක්‍රීඩකයන් පාලනය කිරීමට යාම අවසන් වූයේ මෙම ක්‍රීඩකයන් පාලනය කළ මහා දූෂීත මුල් පුටු විසින් චරිත් ඉවත් කිරීමයි.

මේ පාවා දී ඉපයූ මුදලින් හිටපු නායකයෙක් කෝටී හැටකට බංගලාවක් මිළදී ගත් බව සදහන්.. තරගාවලිය අවසානයේ අයෙක් ජපානයට සංචාරය කළේය. තරග පවා දීමට සම්බන්ධ වූ ඔහුට ඒජන්තයා මුදල් ලබා දී ඇත්තේ ජපානයෙනි. අනෙක් ක්‍රීඩකයාද ඉපයූ මුදල කෝටී ගණනකි.

සැබැවින්ම මෙම පාවා දීම පිළිබදව ක්‍රිකට් ක්ෂෙත්‍රයේ බොහො දෙනෙක් දැන සිටි බව සදහන්.නමුත් මහජන‍තාව ඉදිරියේ කතා කිරීමට ඔවුන්ට හෝ දෛර්යයක් තිබුනේ නැත. හේතුව මහජනතාව එපමණම අන්ධ භක්තියෙන් මේ ක්‍රීඩකයන් ඇදහීමයි. දැන් ප්‍රමෝද්‍ය පළමු වෙඩිල්ල තබා තිබේ. දැන් මේ පිළිබදව දැන සිටි , පරීක්ෂණ කළ සියලූම දෙනාට ඉදිරියට පැමිණීමට කාළය පැමිණ ඇත.

තොරතුරු උපුටා ගැනීම cricketlk.com

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!