Breaking News
Home / ක්‍රිඩා / ඕස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයට. ලංකාව පකිස්ථානය හා බන්ගලියන්ට තවම අවස්තාව

ඕස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයට. ලංකාව පකිස්ථානය හා බන්ගලියන්ට තවම අවස්තාව

ඕස්ට්‍රේලියාවේ වමතින් වේගපන්දු යවන 29 හැවිරිදි ජේසන් බෙහෙරෙන්ඩොෆ්ගේ හා ස්ටාක්ගේ දක්ෂතා හමුවේ අතරමං වූ එංගලන්ත ක්‍රීඩකයෝ ඊයේ (25) දින ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවූ තරගයේ දී ලකුණු 64කින් පරාජයට පත්වුනා.

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වෙතැයි දැඩි ලෙස විශ්වාස කල ලකුණු 500 ක් වුවත් හබා යාහැකි පිතිකරුවන් සිටිනවායයි සලකන එංගලන්ත කණ්ඩායම තම රටේම පිට පිට දෙවන තරගයත් පරාජය වීම බොහෝ දෙනෙකුගේ විමතියට පත්වී තිබෙනවා.

මෙම තරගය නිමා වනවිට ප්‍රසාද ලකුණු පුවරුවේ ඔස්ට්‍ර්ලියව අංක එකට පැමිණි අතර මෙවර ලෝක කුසලානයේ පළමු වරට අවසන් පුරව තරගයට සුදුසු කම් ලැබුවා. ඒ අනුව දෙවන් හා තෙවන ස්ථාන වල සිටින නවසීලන්තය ඉන්දියාව යන කණ්ඩායම්ද අවසන් පුරව තරග වලට සුදුසුකම් ලබනු ඇතැයි සලකන අතර 4 වන ස්ථානය තවමත් කණ්ඩායම් 4 කට විවෘතව තිබෙනවා.

ඒ එංගලන්තය ශ්‍රී ලංකාව පකිස්තානය හා බන්ගලාදේශයයි. එංගලන්තය මේ වන විට දැඩි අවධානමක සිටින්නේ යටින් සිටින කණ්ඩායම් 3 ඉදිරි තරග ජයගන්නා ආකාරය අනුව ඔවුන්ට අවසන් පුර්ව තරග අහිමිව යාමට හැකිවීම නිසයි.

ඊයේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිමේ දී එංගලන්තයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 221ක් පමණි. එම ඉනිම විනාශ කිරීමේ දී නවක ක්‍රීඩක ජේසන් බෙහෙරෙන්ඩොෆ් ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත්තේය. එම දක්ෂතාව ඔහුගේ තරග දිවියේ හොඳම දක්ෂතාව ද විය.

ඔස්ට්‍ර්ලියා නායකයා ලකුණු 100 ලබා ගත් අතර ඔහු තරගයේ විරයාද විය.බෙන් ස්ටොක්ස් එංගලන්තය වෙනුවෙන් දැඩි සටනක නිරතව ලකුණු 89 ලබා ගත් අතර ස්ටාක්ගේ යෝකර් පන්දුවකට ඔහු දැවී යාමත් සමග එංගලන්ත ඉනිමේ බලාපොරොත්තු සුන් විය.

කෙසේ වෙතත් ඔස්ට්‍ර්ලියා කණ්ඩායම මානසිකව වැට්ටවීමේ උපක්‍රමයක් එංගලන්ත මාධ්‍ය ක්‍රියාත්මක කර තිබු බව සදහන් වන අතර ඒ වෝනර් හා ස්මිත්ගේ පන්දුව පලදු කිරීමේ සිද්දිය දක්වමින් ප්‍රේක්ෂකයන් උසිගැන්වීමේ උත්සහයක්. එසේම ලංකාවේ පරාජයත් සමග එංගලන්ත පුහුණුකරු ඇතුළු පිතිකරුවන්ද දැඩි ලෙස විවේචනය කර තිබුනා.

අද පකිස්තානය හා නවසිලන්ත තරගය පැවැත්වෙන අතර එය පකිස්තානයට වැදගත් වන අතර පකිස්ථානය ජයගතහොත් එය ලංකාවට දැඩි ලෙස බලපෑමක් ඇති කරනවා. නවසීලන්තය ජයගතහොත් අවසන් පුරව තරගයට ඔවුන් සුදුසුකම් ලබනවා.

27 ඉන්දියාව හා කොදෙව්වන් අතර තරගය වන අතර 28 ද අප්‍රිකාව හා ලංකාව අතර තරගය පැවැත්වෙන අතර ලංකාව තරගාවලියේ රැදී සිටීමට අනිවාර්යෙන් එය ජයගැනීමට සිදුවනවා.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!