Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපලේ අයි.එස් ප්‍රහාරයකට තැතක්. ආරක්ශාව තර කරයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපලේ අයි.එස් ප්‍රහාරයකට තැතක්. ආරක්ශාව තර කරයි

සිඩ්නි නුවර සිට ගමන් ඇරඹීමට සූදානම් වූ එමිරේට්ස් ගුවන් යානයක් අයි.එස්.අනුගාමිකයන් විසින් පුපුරුවා හැරීමට උත්සාහ කිරීමේ සිද්ධියෙන් පසු ඕස්ට්‍රේලියාව සිය ගුවන්තොටුපල ආරක්ෂාව තර කර තිබෙනවා.

මෙම සිද්ධිය සදහා යොදා ගැනීමට නියමිතව තිබූ පුපුරණ ද්‍රව්‍ය ගමන් බඩු සමඟ ගුවන් යානයට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කෙරුණේ එහි බර සීමාව ඉක්මවීම හේතුවෙන්.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු පසුව අත්අඩංගුවට ගැණුනා.

මෙම සිද්ධියෙන් පසු සිය ගුවන්තොටුපලවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වීම වැළැක්වීම සදහා ඕස්ට්‍රේලියානු රජය නව පියවර රැසක් ගෙන තිබෙනවා.

ඒ යටතේ ගුවන්තොටුපල සේවකයන් ද දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

About article14

Check Also

මදුෂ්ගේ ගෝලයා කන්ජිපාන ඉම්රාන් නැමැත්තාගේ අනියම් බිරිය කියන ‘කුඩු චුටි’ නමැත්තියට වෙඩි තබයි. අමල් හා නදිමාල් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!