Breaking News
Home / දේශීය පුවත් / ඕස්ට්‍රේලියාවේ ප්‍රහාරයක් එල්ල කරන්න ගිය ලාංකික මුස්ලිම් අයි එස් ත්‍රස්ත සැකකරුවා ක්‍රීඩා ඇමති ෆයිසර්ගේ ඥාති පුතෙක්ලු

ඕස්ට්‍රේලියාවේ ප්‍රහාරයක් එල්ල කරන්න ගිය ලාංකික මුස්ලිම් අයි එස් ත්‍රස්ත සැකකරුවා ක්‍රීඩා ඇමති ෆයිසර්ගේ ඥාති පුතෙක්ලු

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක. අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයා මෙරට අමාත්‍යවරයෙකු වන ෆයිසර් මුස්තෆා මහතාගේ ඥාති පුතෙකු බව හෙළි වි ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයායි.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කරන්නේ ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු සතුව තිබියදී සොයාගෙන ඇති බවයි.

Image result for australian arrested isis sri lanka

අධ්‍යාපන වීසා මත ඔස්ට්‍රේලියාවේ රැදී සිටින මෙම ශ්‍රී ලාංකික තරුණයා ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනාව යටතේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසු ගිය මස (30) දිනයේදීයි.

නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන්ම ලැබුණු තොරතුරක් මතයි.

සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳ ප්‍රහාර එල්ල කිරිම සඳහා වන සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබුණද, සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව එරට පොලීසිය පැවසීය.

ඒ අනුව විශේෂ වරෙන්තුවක් මත පසු ගිය 31වනදා අලුයම මෙම තරුණයා රැදි සිටි ස්ථානය සොදිසි කිරීමේදි විද්‍යුත් උපාංග කිහිපයක්ද ඕස්ට්‍රේලියානු පොලිස් භාරයට ගෙන තිබේ.

ත්‍රස්ත පනතට අදාළ වැරදි සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකික තරුණයාට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර ඔහුට ඇපදීම එරට අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ‍

අයි. එස් සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන මෙම පුද්ගලයාට එරෙහි චෝදනා බරපතල බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසයි.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!