Breaking News
Home / දේශීය පුවත් / ඕස්ට්‍රේලියාවට යන්න හිටියනම් එහෙ ඉන්නවනම් මේ වසරේ වීසා නීති වෙනස් කරලා අමාරු කරපු විදිහිය දැනගන්න

ඕස්ට්‍රේලියාවට යන්න හිටියනම් එහෙ ඉන්නවනම් මේ වසරේ වීසා නීති වෙනස් කරලා අමාරු කරපු විදිහිය දැනගන්න

2018 වසරේ ඔස්ට්‍රේලියානු වීසා සඳහා සිදු කිරීමට අපේක්ෂිත ඇතැම් වෙනස්කම් මේ වන විටත් තහවුරු කර ඇති අතර අනෙක්වා තවමත් තහවුරු කර නොමැත.

457 වීසා ඛාණ්ඩය Temporary Skill Shortage වීසා ඛාණ්ඩයෙන් ප්‍රතිස්ථාපනය කිරීම.

එළඹෙන මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මග සැකසුනු ජනප්‍රියම වීසා වර්ගයක් වන 457 වීසා මුළුමනින්ම අහෝසි කෙරෙන අතර එය Temporary Skill Shortage (TSS)  වීසා වර්ගයෙන් ප්‍රතිස්ථාපනය කෙරේ.

මෙම TSS වීසා වර්ගය කෙටි කාලීන හා මධ්‍ය කාලීන ලෙස කොටස් දෙකකට බෙදේ.

කෙටි කාලීන  TSS වීසා වර්ගය

මෙය ඔබට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට වසර 2 ක කාලයක් ලබා දෙන අතර එය අවසන් වූ පසු අලුත් කිරීමට එක් අවස්ථාවක් පමණක් ලබා දෙයි.

මෙමගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඔබට අයදුම් කිරීමට නොහැකිය.

මධ්‍ය කාලීන  TSS වීසා වර්ගය

මෙය ඔබට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට වසර 4 ක කාලයක් ලබා දෙන අතර මෙමගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද ඔබට අයදුම් කිරීමට මග සැකසේ.

එනමුත් මෙම වර්ග දෙකේම මූලික සුදුසුකම් තරමක් අසීරු කර ඇති අතර රැකියා පළපුරුද්ද සහ ඉහළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් අපේක්ෂා කෙරේ.

Skilled Occupations List හෙවත් නිපුණතා රැකියා ලැයිස්තුවට ඇතැම් රැකියා වර්ග එකතු කර ඇති අතර තවත් රැකියා වර්ග ඉවත් කර තිබේ.

457 වීසා ප්‍රත්ස්තාපනය කරන TSS  වීසා පිළිබඳ වැඩි තොරතුරු මෙතනින් ලබා ගත හැකිය.

457 Visa

Partner වීසා හෙවත් සහකාර වීසා

ඔස්ට්‍රේලියාවේ Partner වීසා හෙවත් සහකාර වීසා නිකුත් කිරීමේදී ඔස්ට්‍රේලියානු රජය එය පියවර දෙකකින් කිරීමට අපේක්ෂා කරයි.

එනම් අදාළ සහකරුවා හෝ සහකාරිය තමන්ගේ අයදුම්පත යොමු කිරීමට පෙර ඊට අනුග්‍රහය සපයන තැනැත්තාව රජය විසින් අනුමත කළ යුතු වේ.

මෙය ඇතැම් විට ගැටළුකාරී තත්ත්වයක් මතු කරනු ඇතැයි වීසා පිළිබඳ උපදේශක Nilesh Nandan පවසයි.

මෙම ක්‍රමය මගින් අදාළ අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වන බව ඔහු පෙන්වා දෙයි.

නමුත් අනුග්‍රාහකයාව අනුමත කිරීමට පෙර ඔහු හෝ ඇය පිළිබඳ ඇගයීමක් සිදු කිරීම මගින් ඒ පුද්ගලයාට සමබන්ධ කුමන හෝ අපරාධ වලට අතීත සම්බන්ධයක් ඇති දැයි එමගින් පරීක්ෂා කිරීමට හැකි බවද  Nilesh Nandan පෙන්වා දෙයි.

මෙම සහාකාර වීසා පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙතනින්.

Partner Visa

තාවකාලික දෙමාපිය අනුග්‍රාහක වීසා (Temporary parent sponsored visa)

Temporary parent sponsored visa හෙවත් තාවකාලික දෙමාපිය අනුග්‍රාහක වීසා පිළිබඳ යෝජනාවක් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු රජය විසින් සිදු කළ නමුත් මෙතෙක් එය සෙනට් සභාවෙන් අනුමත වී නොමැත.

මෙම වීසා ලාභීන් ට ඔස්ට්‍රේලියාවේ වසර 10 ක් යන තුරු රැදී සිටීමට හැකි නමුත් එම කාලයට වඩා අතිරේක කාලයක් සඳහා වීසා අයදුම් කිරීමට නොහැකි වේ.

එමෙන්ම මෙම වීසා ඛාණ්ඩය මගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට කිසිවිටෙකත් නොහැකි වනු ඇත.

තාවකාලික දෙමාපිය අනුග්‍රාහක වීසා යටතේ වසර තුනක වීසා සඳහා ඩොලර් 5,000 ක්ද වසර 5 ක වීසා සඳහා ඩොලර් 10,000 ක්ද වසර 10 ක වීසා සඳහා ඩොලර් 20,000 ක්ද අය කෙරේ.

මෙම තාවකාලික දෙමාපිය අනුග්‍රාහක වීසා පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙතනින්.

parent Visa

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී  පවතින නීති වෙනස් කිරීමට ටර්න්බුල් රජය මේ වසර ප්‍රථම භාගයේදී නැවත වරක් උත්සාහ ගැනීමට සූදානම් වෙයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට මෙතෙක් ස්ථිර පදිංචිය ලබා වසරක් බලා සිටීම වෙනුවට වසර 4 ක් බලා සිටීමට යෝජනා කෙරුණු අතර ඒ සඳහා අදාළ වන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය විශ්ව විද්‍යාල මට්ටමේ එකක් කිරීමටද යෝජනා විය.

නමුත් එම යෝජිත වෙනස්කම් සෙනට් සභාවේදී පරාජයට පත් වීමත් සමග ටර්න්බුල් රජයට එම යෝජනා හකුලා ගැනීමට සිදු විය.

කෙසේවෙතත්, එම යෝජනා සංශෝධනය කර නැවත මේ වසරේ මුල් භාගයේදී ගෙන ඒමට ටර්න්බුල් රජය කටයුතු කරන බවත් එම වෙනස්කම් එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සිදු කෙරෙන වෙනස්කම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙතනින්.

Australian citizenship

වීසා අවලංගු කිරීමේ සහ රටින් නෙරපීමේ වැඩි සම්භාවිතාවක්.

ඔස්ට්‍රේලියාව තුළ අපාරාධ සිදු කිරීම වැනි දෑට සම්බන්ධවන බොහෝ දෙනෙකුගේ වීසා අවලංගු කිරීමක් දැකිය හැකි බව සංක්‍රමණික කටයුතු පිළිබඳ නියෝජිත Nilesh Nandan විශ්වාසය පළ කරයි.

Home Affairs අමාත්‍ය Peter Dutton, මේ පිළිබඳව පසුගිය වසරේ අග භාගයේදී යම් කිසි ඉඟි කිහිපයක්ද ලබා දුන්නේය.

More visa cancellations and deportations

ඔස්ට්‍රේලියානු වීසා නීති වෙනස් වීම  සම්බන්ධයෙන් දැනගැනීමට Home Affairs  දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පිළිබඳ නිරතුරුවම විමසිල්ලෙන් සිටින්න.

එමෙන්ම ඔස්ට්‍රේලියානු වීසා පිළිබඳ නවතම තොරතුරු ඔබට මෙතැනින් ලබා ගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුව සඳහා සිදු කළ නවතම වෙනස්කම් මෙතනින් ලබා ගත හැකිය.

Source SBS

About lanka

Check Also

ඉන්දියාවේ අනාගත අගමැති රාහුල් ගාන්ධි අගමැති රනිල් හමුවෙයි ලංකාවේ සුභසාධනය ගැන ඔහු උනන්දුවෙන්. ලංකා ගමනකට රනිල්ගෙන් ආරාධනා

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!