Breaking News
Home / Video / ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අවුරුදු 7 ක පොඩ්ඩෙක්ට සල්ලි බලය වෙනුවෙන් අම්මා අප්පා විකුණන ලංකාවට කියා දෙන මනුස්සකම

ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අවුරුදු 7 ක පොඩ්ඩෙක්ට සල්ලි බලය වෙනුවෙන් අම්මා අප්පා විකුණන ලංකාවට කියා දෙන මනුස්සකම

සත් හැවිරිදි archie sachiller නම් මේ පුතු එලබෙන ඉන්දියාව සමග තෙවන ක්‍රිකට් තරගයදී ඕස්ට්‍රේලියානු කණ්ඩායාමේ නායකත්වය දැරීමට නියමිතයි.

මෙය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ උඩුයටිකුරු සිද්දියක්. සාමන්යෙන් ජාතික කණ්ඩායමට මෙවැනි පොඩ්ඩෙක් කිසිදිනක ක්‍රීඩා කර නැ. Archie ඔසී කණ්ඩායමත් එක්ක පුහුණුවීම් වලට සහභාගි වෙලා.

දරුණු හදවත් රෝගියෙක්. මාස 3 ඉදන් විවිධ සැත්කම් කරලා ඒත් වැඩක් වෙලා නෑ. 13 වෙනිදා තමා අවසන් සැත්කම තිබුණත් එය සාර්ථක වීමේ ප්‍රතිශතය ඉතා අවමයිලු.

ඉතින් එයාගේ අන්තිම ආසාව වුනේ ඔස්ටට්‍රේලියා කණ්ඩායමට ක්‍රීඩා කිරීම. එය ඉෂ්ට කරන්න තමයි ඉතින් සංචිතයට කැදවලා තියෙන්නේ .. ඒත් අවසන් 11 අතරට ගනීවිද කියන කාරණයත් අපට අවිනිශ්චිතව පෙනෙන්නේ මේ පොඩ්ඩා ඉතා කුඩා දරුවකු නිසයි.

නමුත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ අර්චිට අවස්තාව ලැබුනොත් ඔහු නායකයා බවට පත්වනවා. ඉන්දියාව සමග බොක්සින් දින තෙවන ක්‍රිකට් තරගයදී ඕස්ට්‍රේලියානු කණ්ඩායාමේ නායකත්වය දැරීමට නියමිතයි.

මේ පුංචි පුතුගේ සිහිනය නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරා විරාට් කෝලිගේ කඩුල්ල ලබා ගැනීමයි. එතරම් කාලයක් ඔහු ජීවත් නොවන නිසා .ඒ නිසා ඔහුට අවස්ථාව සලසා දීමට ඔසී බලධාරීන් පියවර ගත්තා.

මෙය ලංකාව වැනි රටක ගුණවත්කම් නැති මිනිසුන්ට හොද පාඩමක්. මුදල් බලය වෙනුවෙන් අම්මා අප්පා ගැනු ළමයි විකුණා හෝ ආත්මය පාවා දෙන රටක කිසිදිනක මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙවන් ක්‍රියාවක් ලෝක විනාස වන තුරුවත් සිදු නොවන බව සහතිකයි.

නමුත් මෙයට පවසන්නේ ධර්මදිවිපය කියයි. නමුත් පැකර්ගේ කැසිනෝ නගර තිබෙන සුරාව සුදුව හොදට කරන මේ සුද්දගේ රටේ මනුෂ්‍යත්වය වෙනුවෙන් බලධාරීන් ඕනෑම තීරණය ගැනීම විටක පුදුමයි.

ක්‍රිකට් ක්‍රීඩාව මනුෂත්වය වෙනුවෙන් කැපකරන ලංකාවක් කෙසේවෙතත් පිට රටින් ක්‍රීඩාවට එන මුදලත් වංචා කර හොරකම් කර ගැනු ළමයි නඩත්තු කරන තුප්පහි රටක් බවට පත්වී ඇති මෙවන් රටක අතොලස්සක් වූ මනුෂ්‍යත්වය හදුනන මිනිසුන්ට මේ දරුවාගේ හුරතල් කතාව හා මේ දර්ශන ඔබගේ හදවත පොඩ්ඩකට නවත්වාවී සහතිකයි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!