Breaking News
Home / ක්‍රිඩා / ඕස්ට්‍ර්ලියා හිටපු නායක ස්මිත් පන්දු යවන්නෙක් ලෙස ඇවිත් හතුරු පිතිකරුවෙක් කළා වගේ පන්දු යවන්නෙක් වූ සචිත්‍ර පිතිකරුවකු වෙයි

ඕස්ට්‍ර්ලියා හිටපු නායක ස්මිත් පන්දු යවන්නෙක් ලෙස ඇවිත් හතුරු පිතිකරුවෙක් කළා වගේ පන්දු යවන්නෙක් වූ සචිත්‍ර පිතිකරුවකු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල සුපිරි පළාත් සිව් දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟදෙක ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණේ පන්දු යවනන්ට වඩා පිතිකරුවන් සාර්ථක වූ තත්වයකදී වන අතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් සහභාගී වන මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා පළමුපෙළ පිටියේ සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එකට ක්‍රීඩා කිරීම නිසා සැබෑ දක්ෂයන් කවුරුන්ද යන්න අවභෝධ කරගන්නට ද හැකියාවක් වුදාවී ඇත.

තරඟාවලියේ පළමු සති අන්තය නිමා වද්දී පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටින පිතිකරුවන් ගැන අප මෙහිදී අවධානය යොමු කරන අතර වැඩිම ලකුණු ලාභීන් අතර පස් වන තැන දිනාගෙන සිටින්නේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන අශාන් ප්‍රියන්ජන් ය.ප්‍රියන්ජන් ඉනිම දෙකක් තුල ලකුණු 156ක් ලබාගන්නේ ඉනිමක සාමන්‍යය 64 කට ආසන්න තබාගෙන වන අතර ප්‍රියන්ජන් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගෙන නැති ක්‍රීඩකයෙක් වීමද විශේෂත්වයකි.

පිතිකරුවන් අතර හතර වන තැන සචිත්‍ර සේනානායක දිනාගෙන සිටින අතර ඔහු පන්දු යවන්නෙක් ලෙස නම් දරා සිටියද මෙම තරඟාවලියේ තමා මුහුණ දුන් පළමු තරඟයේ පළමු ඉනිමේ ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගනිමින් ලකුණු 165ක් ලබාගෙන තිබෙන්නේ 85ක පමණ ඉහල ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන වීම විශේෂත්වයකි.

පිතිකරුවන් අතරේ තෙවන තැන මහනුවර නායක නිරෝෂන් දික්වැල්ල දිනාසිටින්නේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 168ක් ලබාගෙන තිබෙන්නේ ඉනිමක සාමන්‍යය 168ක් රඳවාගෙන වන අතර ඔහු තමා මුහුණ දුන් දෙවන ඉනිමේ නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා පෙන්වීම මෙම ඉහල සාමාන්‍යයට බලපෑ ඇත.

පිතිකරුවන් අතර දෙවන තැන දිනාසිටින්නේ කලක සිට දේශීය පිටියේ පන්දු යවන්නන්ට හිසරදයක් වී සිටින මහේල උඩවත්ත වන අතර ඔහු ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 200 ක් ලබාසිටින අතර ඔහුගේ සාමන්‍යය දැක්වෙන්නේ ලකුණු 200 ක් ලෙසිනි.31 වන වියේ සිටින උඩවත්ත දක්වන මෙම දක්ෂතා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ ස්ථානය ගැන තර්ජනයක් වනු ඇත.

පිතිකරුවන් අතරේ පළමු තැන දිනා දිනාසිටින්නේ රොෂේන් සිල්වා වන අතර පළමු තරඟයේ පන්දු යවනන්ට දවා ගන්නට නොහැකි වූ රොෂේන් ඉනිම දෙක තුල ලකුණු 234ක් ලබාගන්නේ මෙම තරඟාවලියේ වාර්තාවූ පළමු ද්විත්ව ශතකයද සමඟය.

මෙම සතියේ දස්කම් දැක්වූ පිතිකරුවන් අතර ලහිරු තිරිමාන්න,දිමුත් කරුණාරත්න,දසුන් ශානක,සධීර සමරවික්‍රම සහ මිලින්ද සිරිවර්ධන  පළමු පිතිකරුවන් 10 දෙනා තුල සිටින අතර ,සතියේ වඩාත්ම කතාබහට ලක්වූ පිතිකරුවා බවට සචිත්‍ර සේනානායක පත් වන්නේ පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල මෙම ක්‍රීඩකයා නැවත ජාතික කණ්ඩායමට පැමිණීමට උත්සාහ කරන්නේ පිතිකරුවකු ලෙසද යන ප්‍රශ්නාර්තයත් ඉතිරි කරමිනි,

අපිට අතීතයේ මේ අකාරයේ පළමුපෙළ පන්දු යවන්නන් ලෙස දක්ෂතා පෙන්වා ජාතික කණ්ඩායමට පැමිණ පසුව ඇති දක්ෂ පිතිකරුවන් වූ උදාහරණ හමුවන අතර මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වන ස්ටීවන් ස්මිත් ද පා දඟ පන්දු යවන්නෙකු ලෙස පිටියට පැමිණ පසුව අංක 1කෙ පිතිකරුවෙකු වූ අතර වර්තමාන ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුද පිට දඟ පන්දු යවන්නෙකු ලෙස පැමිණ ඉන් පසුව පන්දු යැවීම අතහැර පිතිකරුවෙකු බවට පත්වූ අතර සචිත්‍ර ගේ උත්සාහයත් එවැනි දෙයකටද යන්න අපට ඉදිරියේ දැකගත හැකි වනු ඇත.

About lanka

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!