Breaking News
Home / දේශීය පුවත් / ඔලිම්පික් පදක්කම් සිහිනයක් වී ඇති ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් ඔලිම්පික් තරගවලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට සියල්ල සුදානම්

ඔලිම්පික් පදක්කම් සිහිනයක් වී ඇති ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් ඔලිම්පික් තරගවලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට සියල්ල සුදානම්

ශ්‍රී ලංකාවට කවදා ඔලිම්පික් රන් පදක්කමක් දිනාගන්නට හැකි වෙයිද,මේ සිහිනය තවමත් අපට සැබෑ කරගත නොහැකි වූ සිහිනයක් වන අතර තවත් වසර 10 කින් ඒ සඳහා අවස්තාවක් උදා වනු ඇති බව අප කිව්වොත් ඔබ පිළිගන්නේ කෙසේද,අප එලෙස පවසන්නේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහලම ජයග්‍රහණ අත්කර දුන් ක්‍රිකට් ක්‍රීඩාව 2028 වසර වන විට ඔලිම්පික් තරඟාවලිය සඳහා ඇතුලත් වනු ඇති බවට වන විශ්වාසයද සමඟය.

මෑත කාලයේ ICCය විසින් T20 ක්‍රීඩා කරන රටවල් 104ක් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන්නට තීරණය කිරීමත් T20 ඔලිම්පික් කරා යන ගමනේ පියවරක් වන්නට ඇත.ඒ අනුව 2028 ලොස්ඇන්ජලීස් ඔලිම්පික් තරඟාවලියට T20 තරඟ ඇතුලත් කල හැකි වනු ඇති බවට ක්‍රිකට් ප්‍රධාන විධායක දෙව් රිචඩ්සන් පවසා ඇත.”මම හිතනවා අපේ මේ යෝජනාවට ඔලිම්පික් කමිටුව කැමති වෙයි කියලා,T20 තරඟ ඔලිම්පික් වලට ඇතුලත් කරන්න බාදාවක් මටනම් පෙන්නේ නෑ.”

2024 ඔලිම්පික් තරඟාවලිය මේ වන විටත් තමන්ට මඟ හැරී ඇති බව පවසන රිචඩ්සන් වැඩි දුරටත් පවසන්නේ 2028 තම ඉලක්කය වී ඇති බවයි.”2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය ගැන අපිට බලාපොරොත්තු තියාගන්න බෑ.මොකද ඒ තරඟාවලියට ක්‍රීඩා ඇතුලත් කරන්න පුළුවන් කාලය මේ වෙද්දීත් අවසාන වෙලා තියෙන්නේ,අපිට ඒ අවස්තාව මඟ හැරුනා,හැබැයි 2028 තරඟාවලියට අපිට කාලය තියනවා.අපි උපරිම උත්සාහ ගන්නවා ඒ තරඟාවලියට ක්‍රිකට් ඇතුලත් කරන්න මම හිතනවා ඒ උත්සාහය සාර්ථක වෙයි කියල.”

ICCයේ මෙම උත්සාහය සාර්ථක වුව හොත් මේ වන විටත් ලෝක කුසලානයක් සහ ලෝක කුසලාන දෙකක් දිනාගෙන ඇති T20 ක්‍රිකට් තුලින් , ඔලිම්පික්  රන් පදක්කමක් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තවත් වසර 10 කින් පැමිණෙනු ඇති බවට අපට බලාපොරොත්තු තබාගත හැක

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!