Breaking News
Home / විශේෂ ලිපි / ඔයා use කරන්නේ apple නම් පොඩ්ඩක් ලැජ්ජා හිතෙන දෙයක් වෙලා

ඔයා use කරන්නේ apple නම් පොඩ්ඩක් ලැජ්ජා හිතෙන දෙයක් වෙලා

ඔන්න Huawei පාවිච්චි කරන අයට පොඩ්ඩක් විතර ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්
ස්මාර්ට්ෆොන් අලවියෙන් ලෝකේ දෙවැනි දැවැන්තයා උන Apple සමාගම පහුකරගෙන ඉදිරියට එන්න Huawei සමාගමට පුළුවන් වෙලා තියනවා.

Counterpoint Research නමැති ආයතනය මගින් ජූනි සහ ජූලි මාසයන්වල කරපු විශ්ලේශණයක් මගින් තමා මේක හෙළි වෙලා තියෙන්නේ  එම ආයතනයට අනුව දැන් Huawei සමාගම ස්මාර්ට්ෆොන් අලවියෙන් දෙවැනි වන්නේ වන්නේ Samsung සමාගමට පමණක් වගේම මෙම වේගවත් දියුණුවට හේතුව වෙලා තියෙන්නේ Huawei සමාගමේ නොසෑහෙන පර්යේෂණ සහ වර්ධනාත්මක කටයුතුත්, ආක්‍රමණශීලී ප්‍රචාරණ වැඩසටහන් නිසාත් කියල කියනවා.

 

අගෝස්තු මස සංක්‍යාත්මක අගයන් තවමත් පල කරලා නැති උනත් එම මස අලවියද ඉතාමත් හොඳ හැඩයක් ගන්නා බවයි Counterpoint පවසන්නේ Huawei ෆෝන්ස් වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවායේ තියන විශාල තිර සහ නවීන කැමරා තාක්ෂනය නිසා ලු.

නමුත් Apple සමාගමට මේක එච්චර හිතට ගන්න දෙයක් නෙමේ, මොකද තවමත් Apple iPhone 7 සහ 7 Plus තමා ලෝකයේ හොඳටම අලවි වෙන ෆෝන්ස් දෙක Counterpointලට අනුව, එත් එක්කම තුන්වන සහ හතරවන ස්ථාන Oppo R11 සහ A 57 ෆෝන්ස් වලට පිලිවෙලින් හිමිවෙලා තියනවා. ඊටත් කිට්ටුවෙන්ම ඉන්නේ Samsungලගේ S8 එකයි Xiaomiලගේ Redmi Note 4X එකයි.

Huawei මේ ජයග්‍රහණය ලැබුවත් තවමත් Huawei ෆෝන් එකක් සුපිරිම ෆෝන් 10 අතරට එකතු වෙලා නැහැ කියලත් Counterpoint Research කණ්ඩායම පවසනවා

About article14

Check Also

සිගිරිය පේන මානයේ ඝන කැලයක් මැද අරක්කු බෝතල් 300 ක් බියර් ටින් 1500 උපත්පාලන පෙති කොපු වැහි වැහැපු අමුතු සාදය

මේ දිනවල ශ්‍රී ලංකාව වෙලාගත් මත්ද්‍රව්‍ය සාද පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර තොරතුරු වාර්තා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!