Breaking News
Home / ක්‍රිඩා / “ඔයාලගේ තරග බලන්න අපේ අය එන්නේ නෑ ඒ නිසා අවලංගුයි” වසර 15 ට පසු ඕස්ට්‍රේලියා යන්න හිටපු බංගලියන්ට කනේ පාරක්

“ඔයාලගේ තරග බලන්න අපේ අය එන්නේ නෑ ඒ නිසා අවලංගුයි” වසර 15 ට පසු ඕස්ට්‍රේලියා යන්න හිටපු බංගලියන්ට කනේ පාරක්

මෙම වසර අවසානයේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියකට එක් වීමට ඕස්ට්‍රේලියාව සැලසුම් කර තිබුනි.

එහෙත් මූල්‍යයම හේතු මත එම තරගාවලිය පැවැත්විය නොහැකි බව ක්‍රිකට් ඕස්ට්‍රේලිය විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇත.

මෙලෙස ඔස්ට්‍රේලියාව බංගලාදේශය සමඟ තරඟාවලිය අතහැර දැමීමට තීරණය කර තිබෙන්නේ බංගලාදේශය තම රටට පැමිණීම ඔස්ට්‍රේලියාවට මුල්‍යමය වශයෙන් වාසියක් නොවන බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා තීරණය කිරීම නිසාය.

බංගලාදේශය ක්‍රීඩා කරන තරඟ නැරඹීමට වැඩි ප්‍රේක්ෂක පිරිසක් පැමිණීම අපෙක්ශා කල නොහැකි වීමත් විශේම කාරනාවක් ලෙස ඕස්ට්‍රෙලියාවේ මතයයි.

එම කාල වකවානුව පාපන්දු තරඟ පැවැත්වෙන නිසා රුපවාහිනිය මගින් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයන් යොමු නොවනු ඇතයි සලකා මාද්‍ය මගින් තරඟාවලිය සඳහා විශාල අදායමක් ලබාගැනීමට නොහැකි වීමත් තරඟාවලිය අතහැර දමන්නට තවත් හේතුවක් වී ඇත.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2018/19 තරග කාල සටහන පසුගියදා නිකුත් කිරීමට පෙර බංගලාදේශය සමඟ ටෙස්ට් තරග 2කට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබුණි.

බංග්ලාදේශය අවසාන වරට ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වී ඇත්තේ 2003 වසරේය. වසර 15 කට පසු නැවතත් සංචාරයකට එක්වීමට බලාපොරොත්තුවෙන් පසු වුවත් මෙවරද එය අසාර්ථක විය.

ගිය වසරේ බංගලාදේශයේ පැවති ටෙස්ට් තරගාවලිය 1 – 1 ලෙස සමකර ගැනීමට බංග්ලාදේශයට හැකි විය.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන් පවසා ඇත්තේ තම රටේ පැවැත්වෙන තරඟාවලිය පිළිබඳව තීරණ ගන්නට තමන්ට අයිතිය ඇති බවය.

”සාමන්යෙන් ක්‍රිකට් තරඟාවලියක් තියෙද්දී සත්කාරක රටට පුළුවන් තරඟාවලිය ගැන තීරණ ගන්න,මේ තරඟාවලිය තිබුන කියල අපිට විශේෂ වාසියක් වෙන්නේ නෑ,ඒ නිසා අපි තරඟාවලිය අතහැර දමන්න තීරණය කලා.”

කෙසේ නමුත් මේ තීරණය ගැන බංගලාදේශ ක්‍රිකට් ආයතනය තම කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

About lanka

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!