Breaking News
Home / දේශීය පුවත් / ඔබත් නුගේගොඩ අවටනම් නාවල පාරේ ෂෙඩ් එකෙන් තෙල් ගහනවනම් ලීටරයක රු.30 ක් පාඩුයි. ෂෙඩ් එක සීල් තබයි. අනික් ඒවා ගැන අවදානෙන් ඉන්න

ඔබත් නුගේගොඩ අවටනම් නාවල පාරේ ෂෙඩ් එකෙන් තෙල් ගහනවනම් ලීටරයක රු.30 ක් පාඩුයි. ෂෙඩ් එක සීල් තබයි. අනික් ඒවා ගැන අවදානෙන් ඉන්න

කොළඹ රාජගිරිය – නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලට සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රියේ (17) පියවර ගනී.

ඉන්ධනහල්වල පොම්ප යොදා ගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීම නීතිවිරෝධී ක්‍රියාවකි. එම වරද නාවල ඉන්ධන පිරවුම්හලේ සිදු කෙරුණු බව විශේෂ හදිසි වැටලීම් ඒකකය විසින් අනාවරණය කර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් වන තුරු ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල්තැබූ බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටී.

මේ වන විට භූමිතෙල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසිල් අලෙවි කරනුයේ එක් ලීටරයකින් රුපියල් 30ක පමණ පාඩුවක් ලබමිනි. එය පාඩුවකට වඩා මහජනතාවට ලබා දෙන සහනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සලකයි.

එසේ තිබියදී මහජනතාවට ලබාදෙන සහනය අයුතු ලෙස කූට පුද්ගලයින් අවභාවිත කිරීම ගැන විශේෂ අවධානයක් යොමුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා පවසයි.

එබැවින් මෙවැනි අක්‍ර‍මිකතා සිදු කරන්නන්ට එරෙහිව ආයතනික නීතියත් රටේ නීතියටත් අනුව දැඩිව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු අවධාරණ කරයි.

මතභේදයට තුඩුදුන් ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල් තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව ගැන කණගාටුව ප්‍ර‍කාශ කරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

source – ape rata

About lanka

Check Also

කෙහෙළිය දින සියේ ආණ්ඩුවේ ඇමතිකමක් ඉල්ලලා රනිල්ට වැන්දා. රනිල් එයා එලෙව්වා මහින්දානන්ද මහින්ද සුලගේදී හැංගුනා. රත්වත්තේ මිනිමරුවෙක් – වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

15වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවක් අතරතුර රෙද්ද හරියට අදින්න බැරි නරපනුවා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!