Breaking News
Home / දේශීය පුවත් / ඔක්තෝබර් 26 රටේ ජනතාව ආර්ථිකය සමග සුදු කෙලපු සජිත් මහින්ද සිරිසේන ඇතුළු පිරිස නැවත මාර්තු අයවැයෙන් පසු ගේමකට සැරසෙයි

ඔක්තෝබර් 26 රටේ ජනතාව ආර්ථිකය සමග සුදු කෙලපු සජිත් මහින්ද සිරිසේන ඇතුළු පිරිස නැවත මාර්තු අයවැයෙන් පසු ගේමකට සැරසෙයි

සජිත් ජනපති අමුතු දීගයක හා ආදරයකින් සිටින බව ආරංචි මාර්ග සදහන් කරනවා. ලග්ගල නව නගරය විවෘත කිරිමේ උත්සවයට ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහභාගීවිම හා ඔවුන්ගේ හැසිරිමේ අමුත්තක් රූපවාහිනිය නරඹන සැමට දක්නට ලැබුනි.සැමට දක්නට ලැබුණෙ සජිත් ප්‍රේමදාස හා ජනාධිපතිවරයා අමුතු දීගයකට එළැඹ ඇති සෙයකි.

දින 52ක් පුරාවට ආනේක විද කම්කටොලු විදිමින් රනිල් වික්රාමසිංහ ප්රළමුඛ මන්ත්රිාවරුනුත් පාක්ෂිකයනුත් දුක් විද ලබාගත් ජයග්‍රහණය කෙලෙසිමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බව මේ වන විට සැක පහලවී තිබෙන බව පක්ෂ අභ්‍යන්තර තොරතුරුකරුවන් පවසනවා.

ලග්ගල උත්සවයට ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වෙන වෙනම පැමිණියද ඔවුන් දෙදෙනා එහි පැවැති අනෙකුත් සියලු විවෘත කිරිම් සදහා සහභාගී වූවේ එකටය. ගමන් කළේද එකම වාහනයේය.එහිදි ගැඹුරු දේශපාලන සාකච්ඡා පැවැති බවට වාර්තාවේ. 2020 ජනාධිපතිවරණය ඇතුළු රනිල් වික්රිමසිංහ අගමැතිවරයා සම්බන්ධ‍යෙන්ද මෙහිදි සාකච්ඡා වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

ඔකොත්බර් 26 කුමන්ත්‍රණයට සිරිසේන එක පයින් අඩිය තබා ඇත්තේ රවිගේ 11 සහ සජිත්ගේ පිරිස විශ්වාස කර බව පසුව තොරතුරු වාර්තා වුවා. එසේම සජිත් ප්‍රේමදාසගේ බිරිද අරලියගහ මන්දිරේ සාකච්චා පටිගත කර මව්බිම ටිරාන්ගේ කාර්යාලයට යැවූ බවත් හසුවීම හා පසු මව්බිම ටිරාන්ගේ පියාගේ පිරිතකට ගොස් සිටි 26 කුමන්ත්‍රණයේ සජිත් රවී ඇතුළු පිරිසෙන් එය තහවුරු වුනා.

තවද එයට සජිත්ගේ ගෝලයන් වන සිරිසේනගේ උපදේශකයන් වන මෛත්‍රී ගුණරතන ශිරාල් ඇතුළු පිරිසත් එහි රැදී සිටි ආකාරය පහත දෙරණේ වීඩියෝව මගින් හොදින් රටටම පෙනුනි. සිරිසේන බලයෙන් නික්ම ගිය වහාම නැවත සජිත්ට එකතුවීමට බලා සිටින ශිරාල් මෛත්‍රී ඇතුළු පිරිස සමග නැවත රට අස්ථාවර කිරීමට සිරිසේනට සජිත්ගේ සහය දීමේ යටිකුට්ටු නිර්ලජ්ජිත කොන්ද නැති ක්‍රියාව කිරීමට යන බවයි සදහන් කරන්නේ.

එජාපයේ අර්බුධය බිහි කිරීමේ මුලිකයා වන සජිත් මේ වන විට දශකයකට වඩා කාලයක් එජාපයේ සිටි ඔහුට වඩා ජෙෂ්ටයන් මහින්ද වෙත යැවීමට කටයුතු කල අතර මහින්ද සමගද හොද අවබෝධයකින් සජිත් සහ සිය පවුල කටයුතු කර ඇති බව විමල් වරක පැවසුවේ තම නැගණියගේ මුදල් නෝට්ටු පිළිබද හුටපටයක් මහින්දට සජිත්ගේ මව කතා කර ශේප් කරගත් කතාවක් සදහන් කරමින්.

සිරිසේන නැවත වටයකින් රට අස්ථාවර කර ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තුව විසුරවා ගැනීමට මාන බලමින් සිටින බවද නැවත තොරතුරු වාර්තා කරයි. එහි මුලික සුදානම් ලෙස ලගම උපදේශකයන් ආණ්ඩුකාරවරු ලෙස පත් කිරීමත් යුධ හමුදා දෙවන නිලයට මහින්ද හා ගොටාගේ ගජ මිතුරා වන ශවේන්ද්‍ර පත් කිරීමත් නැවත කළු කුමන්ත්‍රණයක් ලගම එන බව විචරයකන් පෙන්වා දෙයි.

එසේම මාර්තු 5 වන විට අයවැය සම්මත වූ පසු රටේ මුදල් ප්‍රශ්නය විසදිමෙන් පසු නැවත රටේ ජනතාවත් ආර්ථිකයත් සමග සුදුවක් කෙලිමට සිරිසේන හා මහින්ද සුදානම් වන බවයි නවතම විශ්වාස කටයුතු තොරතුරු සදහන් කරන්නේ.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!