Breaking News
Home / දේශීය පුවත් / ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ සිටි සිරිසේන උපදේශක තුන්බෑයන් සජිත් අගමැති කරන්නයි නැවත කෙදිරියක

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ සිටි සිරිසේන උපදේශක තුන්බෑයන් සජිත් අගමැති කරන්නයි නැවත කෙදිරියක

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කල අතර සිරිසේන ජානාධිපති මේ වන විට තිරුපති ගොස් ඇති අතර ආ විගස වෙනසක් කරන බවට කතා බහක් යයි.

(14) ජනාධිපතිවරයා සමඟ අවුරුදු චාරිත්‍රවලට එක්ව සිටි ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ ප්‍රධාන උපදේශකයන් වන ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න, කිරිති තෙන්නකෝන් සමඟ ජනාධිපතිවරයා යම් කතා බහක නියැලී ඇති අතර එම සංවාදයේ විශේෂ චරිතයක් බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත්ව ඇති බව වාර්වතා වේ.සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාධනීය ස්වරයෙන් කතා කර ඇති බවත් නායකත්වයට සුදුසු තැනැත්තෙක් බවත් ඔහුට ජන ප්‍රසාදයක් ඇති බවත් ජනාධිපතිවරයාට නිතර නිතර උපදේශක තුන්බැයන් පවසන බව සඳහන්.

ඔවුන් සිරිසේනට කන්කෙදිරි ගාන්නේ මොවුන්ගේ පරම හතුරා වන රනිල් එලවා දමා හිතවත් සජිත්ට අගමැති දුරය ලබා දීමටයි.ඒ අතර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර අගමැති ධුරය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් කරණ ලද කුමන්ත්‍රණයක් හෙලිදරව් වී ඇති බව සමාජ ජාලා ගිණුම් කිහිපයක්ම වාර්තා කර ඇත.

කොළඹ හිල්ටන් හෝටලයේ දී ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුද සමගින් මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන් වෙයි.මේ අතර සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් බල අරගලයක් ඇති වී තිබෙන බවයි.

ඒ අයවැය පරදන්නේ නැතිව මේ වන විට මංගලට විශ්වාස බන්ගයක් ගෙන එනවා යන අලුත් නාටකයත් සමගයි. අයවැය පරදුවානම් මේ වන විට මංගල පමණක් නොව ආණ්ඩුවම ගෙදර ගොස් අවසන්. පොහොට්ටුවට හිතවත් වෙබ් අඩවි හා දෙරණ හිරු වැනි පොහොට්ටු හිතවත් මාධ්‍ය මගින් දිගටම රවී සජිත් පැටලවිමට උත්සහයක් කල අතර දැන් මේ වන විට එය සාර්ථක වී තිබෙනවා.

සජිත් මීලග නායකයා වේවි යයි බියෙන් පසුවන රවී කරුණානායක ඔක්තෝබර් 26 එජාපයේ කොටසක් ගලවාගෙන නැවත මුදල් ඇමති වීමේ සිහිනයෙන් කල කුමන්ත්‍රණය නැවත වටයකින් උඩට ගෙන ඒම හා එජාපයේ අර්බුදයක් නැති අවස්තාවක එජාපය තුල බල අරගලයක් නිර්මාණයට සිරිසේන හා පොහොට්ටු පාර්ශවයේ කොන්තරත්තුවක් කරමින් සිටින වග විශ්වාස දායක ආරංචිමාර්ග සදහන් කරයි.

එසේම සජිත් යම් දිනක නායකයා බවට පත් වුවහොත් රවී කරුණානායක පක්ෂයෙන් ඉවත් වන බව දැනටමත් පක්ෂයේ ප්‍රභලයන්ට දන්වා ඇතැයි සදහන්. ඒ රවී එජාපයේ නායක සිහිනයකින් පෙලේන නිසාවෙනි. එහෙත් සජිත් පසුගියදා පොහොට්ටුවේ මාධ්‍ය මගින් පටලවන්නට උත්සහා කල විරසකය සාර්ථක කරමින් පවසා සිටියේ බැංකු හොරකු වසලයෙක් බවයි.

රවී මුලින්ම ගැටුම ආරම්භ කලේ පවුලේ අය නායකයෝ නිසා පුතාලට නායකයා වීමට නොහැකි බව යන මත ගැටුම් සමගයි. කෙසේ වෙතත් රවි හා පොහොට්ටු, මෛත්‍රී පාර්ශවයට අවශ්‍ය ලෙස හිතවත් මාධ්‍ය ගොඩනැගු උපක්‍රමයට මේ වන විට සජිත් හසුවී ඇති අතර එජාපයේ අර්බුධ ගොඩනැගීම මගින් පොහොට්ටු හා මෛත්‍රී අතර ඇති අර්බුධය එතුලින් වසා ගැනීමට නිර්මාණය කල සැලැස්ම දැන් සාර්ථක වී ඇති බවයි විචාරකයන් පවසන්නේ.

මේ පාර්ශව පක්ෂ සියල්ලම රටේ ජනාධිපති කිරීමට පක්ෂ නායකයන් කිරීමට පුද්ගලයන් සොයන නමුත් රටේ ඊලග වසර 10 තුල ගොඩනගන විදිය හා ප්‍රයෝගික සැලසුම් තම හැකියාවන් පෙන්වීමට උත්සහ නොකර ගමේ ලිදලග ගැනුන් මෙන් එක එකාගේ කකුලෙන් ඇද ඇද සිටීම මේ රටට වසර 71 ක් ගොස් වූ අහේනියට හොදම උදාහරණය වෙයි.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!