Breaking News
Home / Video / ඔක්තෝබර් 15 ත් 25 ත් අතර නැවත කලබලයක් ඇති කර පටු දේශපාලන වාසි ලබා ගැනීමට සැලැස්මක්

ඔක්තෝබර් 15 ත් 25 ත් අතර නැවත කලබලයක් ඇති කර පටු දේශපාලන වාසි ලබා ගැනීමට සැලැස්මක්

එළබෙන ඔක්තෝබර් 15 හා 25 කාලය තුල අන්තවාදී ප්‍රහාරක නැවත දේවස්ථාන හෝ පුද්ගලයන් ඉලක්ක කර කිරීමට හැකියාවක් ඇති බව අති උතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දී ඇති බව බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ සමගම රටේ විවිධ අන්තවාදී කොටස් රට තුල කලහකාරී තත්වයක් නිර්මාණය කිරීමට මැතිවරණ උණුසුම අතර සැලැස්මක් ඇති බවත් එතුලින් ව්‍යාකුල තත්වයක් නිර්මාණය කිරීමටත් සැලැස්මක් ඇතයි එහි සදහන් කර තිබෙනවා.

එසේ වුවොත් පටු දේශපාලන සැලසුම් ක්‍රියාත්මක වීම අනිවාර්ය වන අතර අප්‍රේල් 21 අවස්ථාවේදීද යම් පුද්ගලයන්ගේ බලලා මල්ලෙන් එලියට පැන්න අවස්ථා ඇත. එනිසා මෙම කාල සීමාව තුල පරණ ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාව හා පොලිසිය භාර ජනාධිපතිවරයාගෙන් කාදිනල් හිමි ඉල්ලා තිබෙනවා.

එසේම පසුගිය 28 වනදා මාර්තු මාසයේ මෙන්ම අභිරහස් ගුවන් යානයක් ඇමරිකාවේ සිට පැමිණ තිබෙන අතර එය කුමකට පැමිනියාදැයි පැහැදිලි තොරතුරු වාර්තා වන්නේ නැති බව වාර්තා වනවා. ඇමරිකන් තානාපති කාර්යාලය වෙත මෙවන් ගුවන් යානයක් අප්‍රේල් 21 ට පෙර පැමිණ ඇති අතර මෙයද මැතිවරණයක් අභියස මෙවන් සිදුවීමක් නැවත සිදුවීම සැක සහිත බවයි තොරතුරු විශ්ලේෂකයන් වාර්තා කරන්නේ.

මෙහි එක හිමක්රුවකු cia සංවිධානයේ සේවය කල ඉහල නිලධාරියෙක් වන අතර මොවුන් විවිධ රටවලට මෙවන් පියාසර කිරීම් කරන අතර හරාරේ නුවරදී අභිරහස් මලසිරුරක්ද මෙහි තිබි හමුවී තිබෙනවා. ජනාධිපතිවරණයක් අභියස මෙවන් සිදුවීම් සිදුවීම අතිශය භයානක බවයි විචාරකයන්ගේ අදහස.

ජනාධිපතිවරණයක් ක්‍රියාත්මක වුවත් නොවැම්බර් 16 වනදා වන තෙක් ජනාධිපති වරයා බවට පත්වන්නේ වර්තමාන ජනාධිපති වන නිසාත් ආරක්ෂක අංශ හා පොලිසිය ඔහු සතුව තිබෙන නිසාත් යටගියාව කෙසේ වෙතත් දේශපාලනයෙන් තොරව ජනපතිවරණය තෙක් විධායකයා ලෙස මේ රට ආරක්ෂා කර ජනතාව ආරක්ෂා කර දීම මනුෂ්‍යයකු ලෙස ඔහුගේ පරම යුතුකමයි.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!