Breaking News
Home / දේශීය පුවත් / ඔක්තොබර් 26 පොහොට්ටුවෙන් කල දේට අද එජාපෙන් ප්‍රතිචාර රූපවාහිනියට මන්ත්‍රින් පිරිසක් යයි. ආරක්ෂාව දැඩි කරයි

ඔක්තොබර් 26 පොහොට්ටුවෙන් කල දේට අද එජාපෙන් ප්‍රතිචාර රූපවාහිනියට මන්ත්‍රින් පිරිසක් යයි. ආරක්ෂාව දැඩි කරයි

ඔක්තෝම්බර් මස 26 වෙනිදාට පෙර ප්‍රවෘත්ති වාර්තාකරණය කල ආකාරයට රජයේ මාධ්‍ය මගින් ප්‍රවෘත්ති ප්‍රචාරය කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආශු මාරසිංහ, ජේ.සි. අලවතුවල ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් අද උදැසන ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට ගොස් එහි සභාපතිවරයා මුණ ගැසීමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේදී ආයතන පරිශ්‍රයේ සභාපතිවරයා නොසිටි බැවින් මෙලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී දැනුවත් කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට අමතර ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වනවා.

About article14

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!