Breaking News
Home / දේශීය පුවත් / එස්.එම්.එස් පණිවිඩයකින් නාමයෝජනා ඉල්ලලා ඉතාලියේ පළාත් මැතිවරණයකට තරග කරන්න යන ලාංකිකයා

එස්.එම්.එස් පණිවිඩයකින් නාමයෝජනා ඉල්ලලා ඉතාලියේ පළාත් මැතිවරණයකට තරග කරන්න යන ලාංකිකයා

නයිනමඩමේ පදිංචිව සිට ඉතාලි පුරවැසිභාවය ලබා ඉතාලියේ මිලාන් නගරයේ ජීවත් වන නෙරංජන් වාස් මහතා ලබන මාර්තු මස 6දා ඉතාලියේ පැවැත්වීමට නියමිත ලොම්බාර්දිය පළාත් මැතිවරණය සඳහා එරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තිබේ.

ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා විදේශීය සංක්‍රමණිකයන් සඳහා මෙන්ම ආගමික සංස්කෘතික වශයෙන් මෙහෙවරක් කරමින් වසර 35කට අධික කාලයක සිට ඉතාලියේ මිලාන් නගරයේ නෙරන්ජන් මහතා පදිංචිව සිටියි.

ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳමින් ලාංකිකයන්ට හොඳ ජීවන තත්ත්වයක් හා වටපිටාවක් ඇති කරලීම මෙන්ම මිලාන් නගරයේ වෙසෙන සියලුම විදේශීය ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටිම තමාගේ අරමුණ බව මේ සම්බන්ධයෙන් විමසීමේදී ඒ මහතා පැවසීය.

මේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළකල සටහනකි.

මාර්තු මස 4 වන දින ඉතාලියේ පවත්වනු ලබන පළාත් මැතිවරණය, LOMBARDIA පලාත වෙනුවෙන් ශ්‍රී ලාංකිකයකු ලෙස Partito Democratico ඉතාලියේ ආණ්ඩු පක්ෂයෙන් ආසියාතික රටවල් සහ ලතින් අමෙරිකානු රටවල් නියෝජනය කරමින්, මා හට ඉදිරිපත් වීමට ලැබීම මා ලද භාග්‍යයක් නොව ඉතාලියේ ජීවත් වන සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙස මම දකිමි. මන්ද මා දන්නා තරමින් මීට පෙර පලාත් ඡන්දයකට ඉදිරිපත් වීමට ශ්‍රී ලාංකිකයකුට අවස්ථාවක් ලැබී නැත.

මෙම අවස්ථාව මා හට ලබා දුන් ශ්‍රී ලංකා පොදුජන කේන්ද්‍රයේ (Community of Srilanka) සභාපති විපුල් ප්‍රනාන්දු මහතාට මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා. මෙ වැනි ඡන්දයකට ශ්‍රි ලංකාවේ නාම යෝජනා ලබා ගැනීමට නම් රුපියල් කෝටි ගණනක් වියදම් කිරීමට හැකි අයට පමණක් අවස්ථාව ලැබෙන බව ඔබ කවුරුත් නොදන්නවා නොවේ. නමුත් මෙම ඡන්දයට මා නාම යෝජනා බාර දුන්නේ sms පනිවිඩයකින් බව දන්නේ මා පමණි. මෙම ඡන්දයට ඉතාලි පුරවැසි භාවය හිමි, මිලානෝ සහ provincia di මිලානෝ ජීවත් වන ඔබට ඡන්දය භාවිතා කළ හැක. මේ සඳහා මා සුදුසු යැයි සිතනවා නම් පමණක් ඔබගේ වටිනා චන්දය මා වෙනුවෙන් ලබා දෙන මෙන් ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි.

ඒ වගේම ඔබ සේවය කරන ස්ථානයේ සහ ඔබගේ හිත මිතුරු ඉතාලි ජාතික මහත්ම මහත්මීන්ගේ සහයෝගය ද මා හට ලබා දෙන මෙන් ඔබට ඇරයුම් කරමි. ඇත්තෙන් ම මෙම ඡන්දයේ දී යම්කිසි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් ඉදිරියේදි ඉතාලියේ ඉගෙනුම ලබන අප ගේ දෙවන පරම්පරාවේ දුවා දරුවන්ට ශ්‍රී ලංකාවේ නාමය ඉතාලියේ දිදුලුවාලන්නට හැකි වනු ඇතැ යි මා විශ්වාස කරනවා. Viva Italia!!! Viva PD!!! ඔබ සැමට ස්තුතියි!!!


nethfm

About article14

Check Also

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!