Breaking News
Home / දේශීය පුවත් / එස්බි ඩිලාන් ඇතුළු 16 කල්ලියට ඇමති සැප නැති නිසා මෛත්‍රීගේ ප්ලැනක් අනුව මහින්ද එක්ක සභාග ආණ්ඩු ගහන්න යනවට නිදහස් පක්ෂ 20 ක් රනිල්ට එරෙහි වෙන්න බැ කියයි

එස්බි ඩිලාන් ඇතුළු 16 කල්ලියට ඇමති සැප නැති නිසා මෛත්‍රීගේ ප්ලැනක් අනුව මහින්ද එක්ක සභාග ආණ්ඩු ගහන්න යනවට නිදහස් පක්ෂ 20 ක් රනිල්ට එරෙහි වෙන්න බැ කියයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වී සභාග ආණ්ඩුවක් පිහිටවිය යුතු බවට පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයක් ඇතිව තිබුනි.

මෙම යෝජනාව සිදු කළ පිරිස මතුකළ තර්කය වූයේ රට බිඳ වැටීම නැවතීමට අගමැති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මණින් බලයෙන් ඉවත් කළ යුතු බවත් ඒ සදහා සියලු භේද අමතක කොට මහින්දත්, මෛත්‍රීත් රට වෙනුවෙන් එක්විය යුතු බවත් ය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී ගෙනයන හවුල් ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවට ජනපති මෛත්‍රීට හිතවාදී වත්මන් රජයේ තනතුරු දරනා නිදහස් පක්ෂ මැති ඇමතීන් 20ක් පමණ බලපෑම් කර තිබෙන බවට වාර්තා වේ. මේ අනුව සභාග ආණ්ඩු යෝජනාව බිඳ වැටෙන ලකුණු මතුව ඇතැයි කියවේ.

ශ‍්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ගෙන් කොටසක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනා කරන නමුත් තවත් මැති ඇමැතිවරු 20 ක් පමණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනි සිටිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එකතුව සභාග ආණ්ඩු හදනවාට විරෝධය පළ කිරීම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.

සභාග ආණ්ඩුවට එරෙහි පිරිස වත්මන් ආණ්ඩුව වසර 2020 අගෝස්තු දක්වා පවත්වාගෙන යා යුතු බවත් සඳහන් කරයි. සභාග ආණ්ඩුවට සහාය දක්වන පිරිස සමඟ ශ‍්‍රීලනිපයෙන් විපක්‍ෂයේ අසුන්ගත් 16 දෙනා ද සිටින අතර ශ‍්‍රීලනිපය හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඔවුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!