Breaking News
Home / දේශීය පුවත් / එජාප සංධානයේ ව්‍යවස්ථාවට එජාප සියලු නායකයන්ගේ අනුමැතිය අපේක්ෂකයා සැප්තැම්බර් 4 පසු

එජාප සංධානයේ ව්‍යවස්ථාවට එජාප සියලු නායකයන්ගේ අනුමැතිය අපේක්ෂකයා සැප්තැම්බර් 4 පසු

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්තා කෙටුම්පත සකස් කිරිමේ කටයුතු ඊයේ(29) වනවිට සම්පූර්ණයෙන්ම නිමාවට පත් කර ඇතියි වාර්තා වේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ සදහා සකස් කරන ව්‍යවස්ථා කෙටුම්පතට එකසත් ජාතික පෙරමුණේ් සියලූම පක්ෂ නායකයින්ගේ අනුමැතියද ඊයේ පලවූ බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍ර‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කිරිම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පවරා ඇත.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ප‍්‍රතිපත්ති කෙටුම්පත් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. ප‍්‍රතිපත්ති කෙටුම්පත් කමිටුව සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කෙරෙමින් පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන යන අය පත් කර ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණු නායකත්ව මණ්ඩලයේ සභාපතිධුරය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහට හිමිවනු ඇති. සන්ධානයේ මහලේකම් නම් කිරීමේ බලයද ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටම හිමිවී ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණු පිහිටුවන දිනය සහ ජනාධිපතිවරණ අපේක්ෂක නම් කිරිම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ මාලදිවයින් නිල සංචාරයෙන් පසු සිදු කිරීමට නියමිතයි. මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන සැප්තැම්බර් මස 02 දින මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිත ය.

සැප්තැම්බර් මස 03 – 04 දිනවල මාලදිවයිනේ පැරඩයිස් අයිලන්ඩ් රිසෝට් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද අගමැතිවරයා විසින්.

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!