Breaking News
Home / දේශීය පුවත් / එජාප පාක්ෂකයින් දහස් ගණනක් කොල්ලුපිටිය අවට මාවත් වල පිරි ඉතිරි යයි ජනවාරි 8 විප්ලවය පාවා දී කල කැත වැඩේ කරන්න ඉඩ නොතබන බව කියයි

එජාප පාක්ෂකයින් දහස් ගණනක් කොල්ලුපිටිය අවට මාවත් වල පිරි ඉතිරි යයි ජනවාරි 8 විප්ලවය පාවා දී කල කැත වැඩේ කරන්න ඉඩ නොතබන බව කියයි

“යුක්තියේ ජනහඬ” මෙම රැලියට එජාප නායකයන් කෙටි දැනුම්දීමකින් අතිවිශාල පිරිසක් කොල්ලුපිටිය මාවත් පිරි ඉතිරෙන්නට පාක්ෂිකයන් පැමිණ සිටීමත් විශේෂත්වයක්. එහිදී පිරිස ඇමතු එජාප නායකයා

ජනතාවගේ විශ්වාසය, ජනතාවගේ වරම පාවාදීම ඉතා කැත වැඩක් බව කිව යුතුයි. ඒ කැත වැඩේ කරන්න අප ඉඩ දෙන්නේ නැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. මෙම වේදිකාවේ විවිධ මත දරන විවිධ ජාති සහ ආගම්වලට අයත් නායකයින් සිටිනවා.

අද කොල්ලූපිටියේ එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා විශාල සෙනගක් පිරී ඉතිරි සිටිනවා. අප සියලූම දෙනා ඒකරාශී වූයේ එක්සත් ජාතික පෙරමුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එක්වී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට සංවර්ධන යුගයක් උදාකරලීමටයි. ඉන් පසුව සංහිදියාව සමඟ අත්වැල් බැදගත් ගමනක් ආරම්භ කිරීමටයි යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

ඔවුන් බලාපොරොත්තු වූයේ සිකුරාදා සවස මේ ක්‍රියාව කර සඳුදා දිනය වනවිට අප සිරකරුවන් සේ කරගන්නට දෙයක් නොමැතිව සිටිනු දැකීමයි. මෙවැනි කුමන්ත්‍රණවලට ඉඩ නොදෙන බවට අප තීරණය කළා. එම නිසා ජනතාව එක්රැස්වී ජනතාව සංවිධානය වනතුරු අරලියගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදී සංකේතය බවට පත් කළා. මෙහි පැමිණ අපට සහයෝගය දුන් සෑම දෙනාටම අප ස්තුතිය පළ කරනවා.

පාර්ලිමේන්තුව කැදවනවා වෙනුවට කළේ පාර්ලිමේන්තුව කල් දැමීමයි. මේ ප්‍රශ්නයෙන් පැන යන්නට ඔවුන් උත්සාහ කළා. අප ඊට ඉඩ දෙන්නේ නැහැ. එක් අතකින් අද මේ රටේ ජනතාවගේ විශ්වාසය කඩවී තිබෙනවා. වෙන්නේ කුමක්දැයි අසනවා. කරන්නේ කුමක්දැයි අසනවා. ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලා.

මේ සටන මෙතනින් ඔබ්බට රට ඇතුලට ගෙන යාමට තිබෙනවා. පාර්ලිමේන්තුවට මේ සටන ගෙන යාමට තිබෙනවා. පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි අප ඉල්ලා සිටිනවා යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

Image may contain: crowd and outdoor

Image may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: outdoor

 

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!