Breaking News
Home / දේශීය පුවත් / එජාප නායකයා පක්ෂය තුල අළුත් යාන්ත්‍රණයක් හැදීම අරභයි

එජාප නායකයා පක්ෂය තුල අළුත් යාන්ත්‍රණයක් හැදීම අරභයි

මහමැතිවරණය ඉලක්කකරගනිමින් පක්ෂ බල මණ්්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුලූ පක්ෂ යාන්ත‍්‍රණය වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට ඊයේ (12) උපදෙස් දී ඇත.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප දිස්ත‍්‍රික් කළමනාකරුවන් හමුවූ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත උපදෙස් නිකුත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන්ද දිස්ත‍්‍රික් කළමනාකරුවන්ගේ හමුවට එක්ව සිටි ඇත.

මහමැතිවරණය සදහා නව සංවිධාන ජාලයක් හදුන්වාදීමටද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට කටයුතු කරමින් සිටින බව සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි.

කොළඹ ඇතුලූ දිස්ත‍්‍රික්කවල පක්ෂ සංවිධාන පිහිටුවීමට වඩා සමාජ ජාල, වෘත්තිකයන් දැනුවත් කිරීම මගින් පක්ෂ සංවිධාන ජාලය ක‍්‍රියාත්මක කිරීමට එමගින් අපේක්ෂා කෙරෙන බව සදහන්.

මහමැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින්, පලාත් පාලන නියෝජිතයින් සහ යොවුන් පෙරමුණුු, ලක් වනිතා ඇතුලූ ශාඛා සමිති නියෝජිතයන් ඉදිරි දිනවලදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට කැදවන බව සදහන්.

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!