Breaking News
Home / දේශීය පුවත් / එජාප නායකයා තේරීමේ රහසිගත අභ්‍යන්තර හමුව රෙකෝඩ් කර බුකියට දායි. සජිත් කල්ලිය කෝලමක් නටයි

එජාප නායකයා තේරීමේ රහසිගත අභ්‍යන්තර හමුව රෙකෝඩ් කර බුකියට දායි. සජිත් කල්ලිය කෝලමක් නටයි

එජාප නායකයා තේරීමේ තීරණාත්මක හමුව අද 16 සිරිකොත පැවැත්වූ අතර සියලුම මන්ත්‍රීවරු විවිධ හේතු නිසාවෙන් සහභාගී නොවූ අතර 65 ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ බව පැවසෙනවා.

කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු නායක රනිල්ට එරෙහිව කරුණු දක්වමින් එලියට බැස ගොස් ඇති අතර පසු සජිත් ජනාධිපති වූ පසු අගමැති වීමට සිටි රන්ජිත් මද්දුම බණ්ඩාර හා සිරස ප්‍රධානියාගේ ගෝලයකු වූ කොළඹ මන්ත්‍රී වරයෙක් ගොස් ඔහු නැවත කැදවාගෙන ඇවිත් තිබෙනවා.

කෙසේ වෙතත් මීලග මැතිවරණයට කරු රනිල් සජිත් යන තිදෙනා එකතුව සජිත් අගමැති අපේක්ෂක කර සන්ධානයකින් මැතිවරණයට යමු යයි එජාප නායකයා යෝජනා කර කරුණු දක්වමින් සිටියත් සජිත් පිල රස්තියාදු කාරයින් මෙන් නිතර කිසිදු විනයක් නැතිව හැසිරී ඇති අතර පොහොට්ටුව හෝ නිදහස් පක්ෂයේ කිසි දිනක අභ්‍යන්තර රැස්වීමක පින්තුරයක්වත් නොපමිනුනත් එජාප ලාබාල රස්තියාදුකාර ක්ලබ් ගානේ ඇවිදින පුද්ගලයන් විසින් රැස්වීම වීඩියෝ කර එය සමාජ ජාලා වලට මුදා හැර තිබෙනවා.

එහි ඔවුන් නායකයා නැතිනම් මුලාසනය නොමැතිව යෝජනාවක් සම්මත කරගන්නා අතර සජිත් නායකයා බවයි ඔවුන් පවසන්නේ. සජිත් නායකයා බවත් සම්මත වූ බවත් ස්ථිර බව අජිත් පෙරේරා තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත. එහෙත් පිටතට පැමිණුනු අගමැති වීමට සිටි රන්ජිත් පවසන්නේ යෝජනාවක් පමණක් සම්මත කල අතර ඉදිරියේදී නායකත්වය ගැනීමට කටයුතු කරන බවයි.

ඒ සියල්ල හිතළු වන අතර නිතානුකුලව කිසිවක් අද හමුවේ සිදුවී නැත. එජාප සජිත් පිලේ වැඩි හරියක් සිටින්නේ පළමුවර පාර්ලිමේන්තු පැමිණි පිරිස් වන අතර උපරිම දෙවරක් පැමිණි අතලොස්සකි. ඒ පිරිස් විනයක් නැති රස්තියාදු ක්ලබ් කුඩ්ඩන් මෙන් හැසිරේමින් අභ්‍යන්තර කාරනා වීඩියෝ ගත කර මුදාහැරීමට තරම් බංකොලොත් පක්ෂයක් බවට එජාපය පත්ව ඇත.

මෙවන් වගකීමක් නැති ඉවසීමක් නැති ළදරු වස්සන් නැවත මේ රටේ බලයට ගෙන එනවාද යන්න ජනතාව සිය දහස් වාරයක් සිතිය යුතු කාරණයකි. කිසිදු වගකීමක් නැති හරක් පාර්ලිමේන්තු යවා කදිරගාමර් වැනි දේශපාලන වැදගතුන් වියතුන් මෙන් හැසිරෙ යයි සිතීමත් විහිළුවකි. මේ අභ්‍යන්තර වීඩියෝව පටිගත වී ඇති අයුරු..

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!