Breaking News
Home / දේශීය පුවත් / එජාප තනි ආණ්ඩුවක් හදන්න එජාප ජේශ්ඨයන්ගෙන් රනිල්ට දැඩි බලපෑමක්. මෛත්‍රී හරස්වන ලකුණු

එජාප තනි ආණ්ඩුවක් හදන්න එජාප ජේශ්ඨයන්ගෙන් රනිල්ට දැඩි බලපෑමක්. මෛත්‍රී හරස්වන ලකුණු

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර ඊයේ (11) රාත‍්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවත්වුණා.

ඒ, අරලියගහ මන්දිරයේදියි.

වජිර අබේවර්ධණ. ජෝන් අමරතුංග, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන් ඇතුළු ප්‍රබල ඇමතිවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වී සිටියා.

මෙහිදී දීර්ඝ වශයෙන් රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබනවා.

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් එහිදී අග‍්‍රාමාත්‍යවරයාට සඳහන් කර ඇත්තේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට තමන්ට බලය පවතින බවයි.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය ගොඩනගා ගැනීමට හැකි බවද ඔවුන් මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රථිපල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ හමුවක් ද ඊයේ (11) සිදු වුණා.

එක්සත් ජාතික පක්ෂයට, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බහුතර බලය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!