Breaking News
Home / දේශීය පුවත් / එජාප ජනාධිපති අපේක්ෂක තමන් බව රනිල් කියයි සජිත් රනිල් හමුවක්

එජාප ජනාධිපති අපේක්ෂක තමන් බව රනිල් කියයි සජිත් රනිල් හමුවක්

එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණක් හමුවන විශේෂ හමුවක් (8) ඉරිදා පැවැත්වේ.

එක්සත් ජාතික පක්‍ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයින් අතර අද (6) අරලියගහ මන්දිරයේ පැවති දීර්ඝ සාකච්ජාවේදී ගත් තීරණයක් අනුවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ හමුව කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.එක්සත් ජාතික පක්ෂයේ සහ එක්ස්ත් ජාතික පෙරමුණේ නායකයා ලෙස ජනධිපතිවරණ අපේක්ෂයකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බවත්,ඊට සහයෝගය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජෙෂ්ඨයන්ගේ හමුව ආරම්භයේදී සඳහන් කළ බව සාකච්ජාවට සහභාගී වු එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

එජාප ජේෂ්ඨයින්ගේ මෙම හමුවට නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගී වී නොසිටියේය. මෙම හමුවේදී රාජ්‍ය ව්‍යවසායක හා කන්ද උඩරට උරුමය පිලිබඳ අමාත්‍ය සහ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල පක්ෂයේ සභාපති මහාමාර්ග සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හශීම්ට දිගින් දිගටම දෝශාරෝපනය කිරීම හේතුවෙන් එජාප සභාපතිවරයා රැස්වීම අවසන් වීමට පෙර එයින් පිටව ගියේය.

පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ වලට එරෙහිව ක්‍රියා කරන්නේනම් එක්සත් ජාතික පක්‍ෂ ධුරයෙන් ඉවත්ව කටයුතු කරන ලෙසද අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍ය කබීර් හෂීම්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් චෝදනා කර තිබේ.

පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ අනුව පාර්ලිමේන්තුවේදී ක්‍රියා කිරීමට නොහැකිනම් තමා සභා නායක ධුරයෙන් ඉවත් වන බව සඳහන් කර ඇති ලක්‍ෂ්මන් කිරි ඇල්ල මහතා එදා අගමැති නම් කළ විෂයන් තමන්ට දීමට විරුද්ධ වුයේ පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා යැයිද එහිදී සඳහන් කර තිබේ.

පක්‍ෂ සභාපති ධුරයේ රැඳී සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමටද කබීර් හෂීම් ගිය බව සඳන් කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා දිස්ත්‍රික්කයවත් ජයගැනීමට නොහැකි අයෙකු ලෙස කබීර් හෂීම්ගේ ක්‍රියා කලාපය තමන් කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැතැයිද සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ සියල්ලටම කලින් පක්ෂයේ විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදහත් වන බවයි.

එක්සත් ජාතික පක්‍ෂ ජේෂ්ඨයින්ගේ මෙම සාකච්ජාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ, යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!