Breaking News
Home / දේශීය පුවත් / එජාප අගමැතිවරයෙක් පත් කරනාවනම් සිරිසේනටත් නිදහස් පක්ෂයටත් කීකරු අයෙක් පත් කරගන්නා ලෙස නිදහස් පක්ෂ මන්ත්‍රීන් සිරිසේනට දැඩි ලෙස දන්වයි

එජාප අගමැතිවරයෙක් පත් කරනාවනම් සිරිසේනටත් නිදහස් පක්ෂයටත් කීකරු අයෙක් පත් කරගන්නා ලෙස නිදහස් පක්ෂ මන්ත්‍රීන් සිරිසේනට දැඩි ලෙස දන්වයි

එක්සත් ජාතික පක්ෂයෙන් අග‍්‍රාමාතයවරයා තෝරාගැනීමේදි ජනාධිපතිවරයාටත් තමන්ටත් පහසුවෙන් හැසිරවිය හැකි මන්ත‍්‍රීවරයෙකු ඒ සදහා නම් කරන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ප‍්‍රභල ඉල්ලිමක් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජබර් රහුමාන් මහතා පැවැසීය.

අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම අනාගතයේ පත් කරන ඇමතිවරුන්ට විෂයන් බෙදා දිය යුත්තේද ඉදිරියේදි මුහුණ දෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි දායක වන ආකාරයට යැයිද ශ‍්‍රී. ල. න. ප ඇමතිවරුන් ජනාධිපතිවරයාට වැඩිදුරටත් කරුණු දැක්වා ඇතැයි මුජබර් රහුමාන් මහතා කීවේය.

කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජබර් රහුමාන් මහතා මේ කරුණු සදහන් කළේ ජනාධිපති නිළ නිවසේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡුාවේ තොරතුරු අණාවරණය කරමිනි.

එක්සත් ජාතික පෙරමුණෙන් අගමැතිවරයෙකු තෝරා ගැනීමේදී රාජ්‍ය තාන්ත‍්‍රික භාවයෙන් තොර සහ දේශපාලන උපක‍්‍රම නැති පුද්ගලයකු නම් කිරිම හැම අතින්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි දැයක තත්වයක යැයිද එම මන්ත‍්‍රීවරුන් ජනාධිපති හමුවේ දර්ඝ ලෙස කරුණු දක්වනු ලැබුවේ යැයිද මුජබර් රහුමාන් මහතා වැඩිදුරටත් කීවේය.

ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුනුත් අතර පැවති සාකච්ඡුාවේදී හුවමාරු වූ කරුණු තමන්ට දැනුම් දුන්නේ ඒ සාකච්ඡුාවට සහභාගි වූ ශ්‍රී‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු බවද මුජබර් රහුමාන් මහතා පැවැසීය.

මේ රටට ජාතිය ආදරේ යයි පවසන දේශපාලුවන් රට සොමාලියාවක් කර හෝ උන්ගේ පක්ෂය දිනා ගැනීමට පමණක් පිබුරුපත් හදන්නේ මජර මෝඩ මරි වහල් ජනතාව මුන්ගේ ලනු වලට නාට්‍යවලට රැවටෙන නිසා බවනම් බුද්ධිමත් ප්‍රජාව හොදින්ම දන්නා කරුණක්.

අද වන විට කොළඹ ජාතික රෝහලේ සේලයින් ඖෂධ වර්ග හිගයක් පවතින අතර පාසල් නිල ඇදුම් පොහොර ත්‍රිපෝෂ වැනි රජයෙන් ලබා දෙන දීමනා එකක්වත් ලබා දී නැත. එහෙත් මාධ්‍ය හා වහල් ජනතාව පවසන ආකාරයට ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැත. ඔවුන් සතුටින්.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!