Breaking News
Home / දේශීය පුවත් / එජාපය හා රනිල් එලවා ආණ්ඩුවක් පිහිටවා මහින්ද අගමැති කරන්න සිරිසේන මහින්ද ගෝටා බැසිල් එස්බීගේ නිවසේ හමුවී රහස් සාකච්චාවක්

එජාපය හා රනිල් එලවා ආණ්ඩුවක් පිහිටවා මහින්ද අගමැති කරන්න සිරිසේන මහින්ද ගෝටා බැසිල් එස්බීගේ නිවසේ හමුවී රහස් සාකච්චාවක්

තමන් මුහුණදී ඇති දේශපාලන අර්බුදයට විසදුමක් සොයා ගෑනීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දිනක එස්.බී දිසානායකගේ නිවසේ පවත්වා ඇත. මෙම විශේෂ හමුව සදහා මේවනවිට දෙපිලට බෙදී සිටින ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂද එක්කර ගැනීමට මහින්ද රාජපක්ෂ කටයුතු කර ඇත.

පැය ගණනාවක් පුරා සාකච්ඡාව පැවති අතර ඉදිරියේදී තමන්ට මුහුණදීමට වන දේශපාලන අර්බුදය සම්බන්දයෙන් දෙපාර්ශ්‍යවයම මෙහිදී තම අදහස් දක්වා ඇති අතර ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ එකතුවී ඒ සදහා මුහුණදිය යුතු ආකාරය පිලිබදව අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම සාකච්ඡාව සදහා මුලික සුදානම් කිරීමේ කටයුතු දේශපාලන කරනම් සදහා නමක් දිනා සිටින එස්.බී දිසානායක මහතා විසින් සිදුකර ඇති අතර එම නිසාම සාකච්ඡාව ඒ මහතාගේ නිවසේම පවත්වා තිබේ.

මීට පෙරද මෛත්‍රීපාල සිරිසේන සහ ගොඨාභය රාජපක්ෂ අතර රහස් හමුවීමක් මීට කලකට පෙර පැවැත්වු අතර එහිදී ජනාධිපතිධුරය මෛත්‍රීට සහ අගමැති ධුරය ගෝඨාභයට ලබාගැනීමට දෙපාර්ශ්‍යවය එකගවී තිබුණි.

මෙම සාකච්ඡාවේදී 19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මතුවී ඇති දේශපාලනික තත්වය තමන්ට අවාසිසහගත බවත් ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ සදහා ඉදිරිපත් කලයුත්තේ කවුරුන්ද පිලිබදවත් සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති ධූරය දැරිය නොහැකි නිසා ඔහුට අගමැති තනතුර පිරිනැවීම පිලිබදව දෙපාර්ශ්‍යවය අතර එකගතාවයක් ඇතිවී බවද වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමග පවතින ගනුදෙනු අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ආණ්ඩුවක් ඉදිරි මාස කිහිපය තුලදී පිහිටුවීම සම්බන්ධයෙන් පසුගියදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේ අවධානය යොමුව ඇති අතර ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී යලිත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ජාවට ලක්ව ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රීලනිප නියෝජිතයින් මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු, ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ද එම විධායක සභා රැස්වීමට සහභාගී වී තිබුණි.

මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සන්ධානය ඉදිරියේදී ගතයුතු පියවර හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙසතියක් තුල වාර්තාවක් ලබාදෙන ලෙස සන්ධාන නියෝජිතයින්ට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

colomboxnews

හැමදාමත් යම් රාවයක් ගිය විට එහෙම එකක් වුනේ නැ යනුවෙන් පැවසුවත් පසුව එසේ සිදු කල බව පසු කලෙක ඔවුන්ම පවසයි. එසේම මෙම කසුකුසුව බොරුවක් බව එස්බී දිසානායක ප්‍රතික්ෂේප කරන අතර තමන්ගේ නෝනා සහ තමන් කොළඹ නොසිටි බවද පවසනවා

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!