Breaking News
Home / දේශීය පුවත් / එජාපය ‘සිරිකොත ගමට’ සමග 2019 ජනපතිවරණ සටනේ මුලික වැඩ අරභයි ඉදිරි සති කිහිපය ඇතුලත 2015 මෙන් නව සන්ධානයකට එජාපය සුදානම් වෙයි

එජාපය ‘සිරිකොත ගමට’ සමග 2019 ජනපතිවරණ සටනේ මුලික වැඩ අරභයි ඉදිරි සති කිහිපය ඇතුලත 2015 මෙන් නව සන්ධානයකට එජාපය සුදානම් වෙයි

2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලැබෙමින් තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්‍ෂයත් එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එක්වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ පානදුර මැතිවරණ කොට්ඨාශයෙන්(10) ආරම්භ කරමින් පවසා ඇත.

එසේම සිරිකොත ගමට ගෙන යන වැඩසටහන අපි පානදුර මැතිවරණ කොට්ඨාශයෙන් ආරම්භ කළා. 2015 වසරේ අපි ආණ්ඩුව පිහිටුවා මහින්ද රාජපක්‍ෂ යුගයේ සිදු කළ විනාශය නැති කර රටටත් ජනතාවටත් අනාගතයක් ඇති කිරීමේ යුගය ආරම්භ කළා යනුවෙන් අදහස් දක්වා තිබෙනවා.

පසුගිය කාලය තුළ අප සිදු කළ සංවර්ධන වැඩකටයුතු වල ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙනවා. අධ්‍යාපනය සෞඛ්‍ය මහා මාර්ග විදුලිය ජලය වැනි සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ඇති කළා යනුවෙන් අගමැති පවසා ඇත.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පවසනවා. අපේ ආණ්ඩුව මොනවද කළේ කියා අද ඇතැම් අය විමසා සිටිනවා. අපි බෙර ගහන්න ගියේ නැහැ. නිහඬව වැඩ කළා. එහි ප්‍රතිඵල ඉදිරියේදී භුක්ති විඳීමට හැකි වෙනවා.වසර හතරක් තුළ අප සිදු කළ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵල ලැබීම ආරම්භ වී තිබෙන මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂයත් එක්සත් ජාතික පෙරමුණත් එක්ව පිහිටුවන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමග එක් වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කර සිටිනවා.

සිරිකොත ගමට වැඩසටහනත් සමග තවත් මාස 7 ක් ඇතුලත පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට දැඩි ලෙස සුදානම් වීමක් කරන බවයි පක්ෂ අභ්‍යන්තරයෙන් පවසන්නේ.

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!