Breaking News
Home / දේශීය පුවත් / එජාපය විනාශකළ නිසා රනිල් වික්‍රමසිංහ පන්නා දැමු බව නිදහස් පක්ෂ සමුළුවේදී පක්ෂ නායක සිරිසේන කියයි. නිදහස් පාක්ෂිකයෝ විසිල් ගසා හුරේ දමා බල්ටි ගසයි

එජාපය විනාශකළ නිසා රනිල් වික්‍රමසිංහ පන්නා දැමු බව නිදහස් පක්ෂ සමුළුවේදී පක්ෂ නායක සිරිසේන කියයි. නිදහස් පාක්ෂිකයෝ විසිල් ගසා හුරේ දමා බල්ටි ගසයි

රට මෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රනිල් වික්‍රමසිංහ තමාව ද යම් තරමකට විනාශ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව අමතමින්, ජනාධිපතිවරයා නැවත වරක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් ඔහු නැවත අගමැති ධුරයට පත් නොකරන බව අවධාරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එයට හේතු දක්වමින් පැවසුවේ රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන පුද්ගලයෙකු බවය.

“යහපාලන සංකල්පය විනාශ කළා, රට විනාශ කළා, එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා, ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා,” ජනාධිපතිවරයා කියා සිටියේය.

“යහපාලන ආණ්ඩුව විනාශ කළ රනිල්, රට විනාශ කළ රනිල්, එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රනිල්, යම් ප්‍රමාණයකට මාව විනාශ කළ රනිල්ට, ඒ සියල්ලටම දීමට තිබු එකම පිළිතුර රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියලයි මම තීන්දු කළේ.”

මේ ඉතිහාසයේ ප්‍රථම වරට එජාපයට හොද නායකයෙක් තෝරා දීමට නිදහස් පක්ෂය විසින් දිවිහිමියෙන් කැපවෙන අවස්ථාවයි. එජාප පාක්ෂිකයන් ගැන දුක හිති නිදහස් පක්ෂය එය රැකගැනීමට කටයුතු කරන බව අගවන විට ඔවුන්ගේ පාක්ෂිකයින් බල්ටි ගසා හුරේ දැමීම මේ රටේ ගොබ්බ දේශපාලන සාක්ෂරතාවය ගැන මනාවට පෙන්වන අවස්ථාවයි.

මේ සිරිසේන එජාපය බේරාගැනීමට උත්සහා ගත් අකාරය ගැන දැක්වූ අදහස්

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!