Breaking News
Home / දේශීය පුවත් / එජාපය බදාදා නැවත විශ්වාස බංගයක් ගෙනෙයි. දින 3 ක ජනබල මෙහෙයුමක් අරභයි මිලියනයක් කොළඹ වටලන්න සැලැස්මක්. සිරිසේනගේ අර්බුධය රට කලබන ලකුණු

එජාපය බදාදා නැවත විශ්වාස බංගයක් ගෙනෙයි. දින 3 ක ජනබල මෙහෙයුමක් අරභයි මිලියනයක් කොළඹ වටලන්න සැලැස්මක්. සිරිසේනගේ අර්බුධය රට කලබන ලකුණු

එකසත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස පත් කරන්නැයි බල කරමින් කොළඹ දක්වා ගමන් ගන්නා ජනබල මෙහෙයුම ආරම්භ කරන දිනය, ස්ථානය සහ වේලාව ආදී කරුණු සියල්ල ෙහට (05) ප‍්‍රකාශයට පත් කරනු ලැබුවත් ජනබල මෙහෙයුමේ ගමනාන්තය කොතනදැයි කලිින් හෙලි නොකරන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන ප‍්‍රකාශ කළේය.

ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාව අනුව කටයුතු කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව ෙහට (05) පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් සම්මත කිරීමෙන් පසුව ජනබල මෙහෙයුම පිළිබ`ද තොරතුරු ප‍්‍රකාෂයට පත්කිරිමට නියමිතව ඇතැයිද වජිර අබේවර්ධන වැඩිදුරටත් කීවේය.

දින තුනක් පුරා ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් මිලියනයකට අධික ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුලූවන බවද ඔහු පැවැසීය.

කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමනක් අවසන් මොහොත වනතෙක්ම හෙළි නොකීරීමට එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයින් තීරණය කර ඇතැයිද වජිර අබේවර්ධන මහතා සදහන් කළේය.

අද(4) දහවල් අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් ඇමතූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නීතිවිරෝධී ආණ්ඩුවක් හමුවේ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව කියා සිටියේය. නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව මහමැතිවරණයකට යාමට සිය පක්ෂය සූදානම් බව ද එක්සත් ජාතික පක්ෂ නායකයා පැවසීය.

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් තමන් ඉල්ලා සිටින බවද රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියේය. “අපේ ව්‍යවස්ථාවේ අගමැතිවරයෙක් පත්කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය අනුව.”

“මේක තමයි මට අවශ්‍ය දේ කියල තීරණය කරන්න ජනාධිපතිතුමාට බැහැ. මේක පාර්ලිමේන්තු ආණ්ඩුවක්. අගමැතිවරයා තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය, ඇමතිවරු තීරණය කරන්නේ අගමැතිවරයා, පාර්ලිමේන්තුව ඒ සියලු දෙනා පාලනය කරනවා,” යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මේ ඇමති කියලා කාඩ් බෝඩ් උස්සගෙන ගිය අයත්, සියළු දෙනාම දැන් ව්‍යවස්ථාව අනුව වැඩකරන්න. මොකද අපි හැම එක්කෙනාම ව්‍යවස්ථාව ආරකෂා කරන්න දිවුරුම් දීලා තියෙන්නේ, ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැරිනම් මෙතන ඉන්න අයිතියක් නැහැ.”

මේ ජවිපෙ නායක අනුර කුමාර මහින්ද විසින් අධිකරණ තීන්දුව පිළිනොගන්නා බව පැවසීමත් සමග මෙය පාරේ විසදාගත යුතු අරගලයක් බවත් හමුදාව ව්‍යවස්ථාව රැකියා යුතු පාර්ශවයේ පැත්ත ගත යුතුයි කියා කියූ මාධ්‍ය හමුව පහතින් බලන්න

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!