Breaking News
Home / දේශීය පුවත් / එජාපය කඩා ලොක්කෙක් වෙන්න ගොස් ගැහැණියකගේ කැපිල්ලට අසුවී සජබේ නියෝජ්‍ය මහලේකම් සුජීව සමුදෙයි

එජාපය කඩා ලොක්කෙක් වෙන්න ගොස් ගැහැණියකගේ කැපිල්ලට අසුවී සජබේ නියෝජ්‍ය මහලේකම් සුජීව සමුදෙයි

එජාපය තුල තරුවක් වෙමින් කැපිපෙනෙන ලෙස ඉදිරියට පැමිණ 2010 දී පාර්ලිමේන්තු පැමිණ 2015 දී ආණ්ඩුව පිහිටවීමට විශාල දායකත්වයක් දක්වා පසුව ඉක්මනින් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරයෙක් වගේම කැබිනට් නොවන ඇමතිවරයෙක් වූ සුජීව සේනසිංහ දේශපාලනයට සමුදී ඇති බව සජබේ ලිපි ශීර්ෂයක ලිපියක් නිකුත් කරමින් පවසා සිටිනවා.

දේශපාලනයට පැමිණි දින සිට වෙන්න නායකයකු සමග කල්ලි ගැසී නායකයාට විරුද්දව කටයුතු කරමින් හන්දි ගානේ නායකයා විවේචනය කරමින් සිට තම දේශපාලනය දැන් අකාලයේ අවසන් ගමන් ගොස් ඇත. නායකයකු ලෙස තනිව නැගී සිටිනවාට වඩා එජාපයේ නායකයා එළවීමට 1994 සිට දගලන වතුර බට හා මාධ්‍ය මුදලාලිගේ කුමන්ත්‍රණයක ප්‍රභල පුරුකක් වී ඒ න්‍යායය පත්‍රයට වැඩ කිරීම ඔහුගේ දේශපාලනයට කන කොකා හැඩවිණි.

2000 සිට නායකයා වීමට දගලන වතුර බට මුදලාලිගේ ඉත්තා සමග කල්ලි ගැසීමට එජාපයේ නාමයෝජනාද ලබාගෙන සුජීව ස්ථානගත කරන්නේද ඒ මුදලාලිම බව දේශපාලන ක්ෂේත්‍රය කතා වෙන කරුණකි. කෙසේ වෙතත් දක්ෂ කථිකයකු වීම නිසා වේගයෙන් ජනප්‍රිය වීම මත ජනබලයක් ලැබීමෙන් උඩ ගොස් ඒ බලය පක්ෂයක විනය ගැන හෝ දේශපාලන ඉවසීම ගැන නොසිතා සිහින නායකයකුට පුජා කර එජාපය දෙකට කැඩීමේ ප්‍රභ්ලයකු ලෙස මුලිකත්වය ගෙන සමගි ජන බලවේගය සාදා එහි නියෝජ්‍ය මහලේකම්ද විය.

එජාපය හා නායකයා සමග අමනාප වීමට බොහෝදෙනකුට මෙන්ම මොහුටද තිබු ප්‍රධානම කාරනාව වුයේ ලැබුනාට වඩා ලොකු ඇමතිකමක් නොලැබීම යන බල තණ්හාවයි.

ඔහු නිතර මාධ්‍ය හමුවේ පැවසුවේ රනිල් අකිල තියාගෙන සිරිකොත හුරතල් වුනාවේ අපි ආවා අපි ආණ්ඩු හදනවා යනුවෙන්. කෙසේ වෙතත් පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ කොතරම් තිබුනත් ඒවා මාධ්‍ය ඉදිරියේ විසදීමේ මරාගෙන මැරෙන සංස්කෘතය එජාපයට ගෙනා මුලිකයෙක් ලෙස මොහු නම් කල හැකි. කෙසේ වෙතත් කන්න දුන් තැන පහරා මෙන් පැමිණි මොහු මාස දෙකක් ඇතුලත කුජිතව පරාජයට පත්වීමෙන් පසු නැවත සජබේ දේශපාලන කටයුතුවලට පසුගිය කාලේ පැත්ත පළාතේ නොආ බවයි පැවසෙන්නේ.

නියෝජ්‍ය මහාලේකම් වරයාද ඔහුගේ අසාහය සහය ජනහිතකාමී නායකයාගේ බිරිදගේ කතුරට අසුවූ බවයි සජබේ දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ. පෙනී සිටින නායකයාට වඩා පක්ෂය පාලනය කරන්නේ කුස්සියෙන් බව වටහාගත් නියෝජ්‍ය මහාලේකම් සුජීව දැන් දේශපාලනයටම සමුදී තිබෙනවා.

දේශපාලනයේ ඉවසීම නොමැතිනම් ගමනක් නැත යන්නට මෙය හොදම උදාහරණයකි. අනාගතයේ යම් ඉහල නායකයකු වීමේ ලක්ෂණ තිබුනත් එක එකාගේ න්‍යාය පත්‍ර වලට වැඩ කිරීම සංවිධානයක සිටිනවනාන්ම් එහි විනය පවත්වා ගැනීම, සාමුහිකත්වය කණ්ඩායම් හැගීම, අවසානයේ ඉවසා ඉවසා ඉවසීමට නොහැකිම තැනත් ඉවසීම යන ගුණාංග කිසිවක් නොමැතිව සිල්ලර පන්නයේ බවලත් උදවියගේ කැපිල්ලකට දේශපාලනයෙන් සමුගැනීම අනුවන ක්‍රියාවකි.

සමුගැනීම වෙනුවට නැවත වෙනත් විකල්ප නිවැරදි කදවුරක නැවත කදවුරු බැදීම කල තිබුනානම් නියම දේශපාලන පෞර්ශවයක් ලෙස රටට වැටහෙනු ඇත. මුලින්ම මෙයට මුහුණ දුන්නේ මංගල සමරවීරයි. ඔහුගේ විරුද්ධ වාදීන් සමනලයා යයි ඔහුව හැදින්වුවත් දේශපාලනයේදී ඔහු සමනලයකු නොවන බව පෙන්නුම් කලේ පාර්ලිමේන්තු නොයා දේශපාලනය ජනතාව සමග කරන බව පවසා තවදුරටත් එහි නියැලී සිටීම නිසයි.

සමනලයකු වන්නේ ලිංගික ක්‍රියාකාරකම් මත නොව දේශපාලන පෞර්ශවය මත බව සුජීව හා මංගල රටට කියා දී අවසන්.

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!