Breaking News
Home / දේශීය පුවත් / එජාපයේ මන්ත්‍රිවරු කොපමන බැඳුම්කර සිද්දියට සම්බන්දදැයි බැලීමට පත්කල කමිටු වාර්ථාව එලිදකී

එජාපයේ මන්ත්‍රිවරු කොපමන බැඳුම්කර සිද්දියට සම්බන්දදැයි බැලීමට පත්කල කමිටු වාර්ථාව එලිදකී

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුත්කිරිමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සම්බන්ධදැයි සොයා බැලිමට පත් කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබු මේ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාය.

ප්‍රමුඛ බැංකුකරුවෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් ඉහත කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළහ. ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුත් කිරිමට අදාළ ක්‍රියාවලියේදි එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධදැයි සොයා බැලිම කමිටුව වෙත පැවරුනු කරණය වි තිබුනි.

කමිටුව පත් කළ විගස එහි කටයුතු ආරම්භ කළ අතර සති දෙකක් තුළ එහි වාර්තාව සැකසිමට පියවර ගැනුනි. කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අදාළ වාර්තාව ලබන සතියේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදිමට අපේකෂිතය.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!