Breaking News
Home / දේශීය පුවත් / එජාපයේ ප්‍රභලයෙක් ජනාධිපතිවරණයට සැරසෙයි. නුගේගොඩ නිවසේ හමුවක්

එජාපයේ ප්‍රභලයෙක් ජනාධිපතිවරණයට සැරසෙයි. නුගේගොඩ නිවසේ හමුවක්

එළැබෙන ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයෙක් මේ වන විට ප්‍රසිද්ධියේම කටයුතු ආරම්භ කර තිබේ.

සිංහල බෞද්ධ පසුබිම මුල්කර ගනිමින් සහ තවත් සුවිශේෂ ක්ෂේත්‍රයකින් ලොව දිනා සිටින නාමය ප්‍රයෝජනයට ගනිමින් එළැබෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අමාත්‍යවරයා පසුපෙළ මන්ත්‍රීවරුන්ට නිල වශයෙන් දැනුම් දී ඇත.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සිය නුගේගොඩ නිවසට කැදවා රාත්‍රී භෝජන සංග්‍රහයක් දීමෙන් පසු කැබිනට් අමාත්‍යවරයා තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම තරඟකර තේරි පත් වූ තමාට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදුසුකම් ඇතැයි ද ඇමතිවරයා කියා ඇත.

තුමන තත්ත්වයක් යටතේ වුවුද පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ගේ දේශපාලන ගමන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය මතයැයිද කැබිනට් අමාත්‍යවරයා තරයේ අවධාරණය කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

About article14

Check Also

අපේක්ෂකයා එන්නේ කාගේත් එකගත්වයෙන් එජාපයෙන් – එජාප මහලේකම්ගෙන් නිවේදනයක්

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදවයි. එය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!